ශ්රී ලංකාව සහ යේමනය අතර සුහද පාපන්දු තරගයෙන් ගෝල 1-0ක් ලෙසින් තියුණු ජයක් හිමිකරගැනීමට ශ්රී ලංකාව ඊයේ දිනයේ දී සමත් වුණා. මෙම තරගය කටාර්හිදී පැවති අතර ආරක්ෂිත හේතූන් මත ප්රේක්ෂකයන්ට මෙම තරගය නැරඹීමට අවස්ථාවක් හිමිවුණේ නැහැ.
තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට දෙපිළම ගෝල වාර්තා කිරීමට සමත් වූයේ නැහැ. නමුත් දෙවන අර්ධය අවසන් වීමට ස්වල්ප වේලාවක් ඉතිරිව තිබියදී ශ්රී ලංකා කණ්ඩායම ගෝලයක් වාර්තා කිරීමට සමත් වුණා.
තරගයේ 89වෙනි මිනිත්තුවේ දී වාර්තා වූ මෙම ගෝලයට හිමිකම් කීවේ ජැක් හින්ජර්ට් ය. දෙරට අතර මීළඟ සුහද තරගය එළඹෙන 19 වනදා පැවැත්වීමට නියමිතය.