2025 වසරේ පාකිස්තානයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඒ මෙවර ලෝක කුසලාන තරගාවලියේ 9 වැන්නා ලෙසින් තරගාවලිය අවසන් කිරීමට සිදුවීම හේතුවෙනි.
අද දිනයේදී පැවැත්වෙන බංග්ලාදේශ ඕස්ට්‍රේලියා තරගයේදී බංග්ලාදේශය ලකුණු 306ක් රැස්කළ අතර මෙම තරගය පරාජයට පත් වුවද ඔවුන්ගේ දළ ලකුණු වේගය ශ්‍රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු වේගය ඉක්මවා ගොස් ඇත. ඒ හේතුවෙන් ඔවුන් ශූරයන්ගේ කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
පාකිස්තානයේ පැවැත්වෙන ශූරයන්ගේ තරගාවලිය වෙනුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 8ට පත්වන කණ්ඩායම් තේරීපත් වෙයි. ඒ අනුව ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය හැරුණු විට සෙසු කණ්ඩායම් 8 ශූරයන්ගේ කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය. එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් පිළටද එම තරගාවලිය අහිමි වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරගාවලියක් වෙනුවෙන් සුදුසුකම් නොලැබූ පළමු අවස්ථාව බවට මෙය පත් විය.