ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් 19න් පහළ ක්‍රිකට් දියුණු කළ යුතුයි – සනත් ජයසූරිය

ශ්‍රී ලංකා හිටපු නායක ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් හි නව කාර්යභාරයක් භාරගෙන තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම වෙනුවෙන් සනත් ජයසූරියට ඉහළ කාර්‍ය සාධන මධ්‍යස්ථාය සමග වැඩ කිරීමට සිදුවී ඇත.

” ඉහළ කාර්ය සාධන ඒකකය සහ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කරලා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට මෙම ක්ෂේත්‍ර දෙක ඉතා වැදගත්.”

” අලුත් තනතුර මට අභියෝගයක්. නමුත් සුපුරුදු පරිදි මේ අභියෝගය භාරගෙන ක්‍රිකට් ගොඩ නැගීමට සියයට සියයකට වඩා කැපවෙන්න මම සූදානම්”

“පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් වැදගත් ඒ වගේම කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේදී බලාපොරොත්තු ඉටු නොකළ අතර මම හිතන්නේ අපි මෙය විසඳිය යුතුයි. යමක් වෙනස් විය යුතුයි, නමුත් එය ඉතා පරිස්සමින් කළ යුතුයි”

ආර්. ප්‍රමදාස ක්‍රීඩාංගණයේ ඇති ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය (HPC) ක්‍රිකට් සංවර්ධනය සඳහා වැදගත්ම ස්ථානය වන අතර එය අප හොඳින් නඩත්තු කළ යුතුයි. ජාතික තේරීම් සහ පළාත් තේරීම් කමිටු මෙන්ම පුහුණුකරුවන් සමඟ සම්බන්ධීකරණය කිරීම ද සිදුවිය යුතුයි.

“අපි ලෝක කුසලානයේ යම් යම් අසාර්ථකවීම් දුටුවා, අපි හොඳ දස්කම් සමඟ ඉදිරියට යා යුතුයි. මෙම අවස්ථාවෙහිදී, මම කිසිදු පුහුණුකරුවෙකුට හෝ තේරීම් කමිටුවට දොස් කියන්නෑ. ඔවුන් සියල්ලන්ම හොඳ කාර්යයක් කරා. එය අභියෝගාත්මක එකකි. සාර්ථකත්වය ළඟා කර ගැනීමට අපි එකට එකතු විය යුතුයි, ”

Back To Top