ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යවරයා, ජනපතිට ලිපි යවයි

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සිදුකරන කරන හිරිහැර හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෛනික කටයුතුවලට බාධා එල්ල වන බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකොට ඇත. ඒ ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ඉල්ලමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ මෑත කාලීන තරගාවලි කිහිපයකට ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකළ මැදිහත් වීම් පිළිබඳව සදහන් කොට ඇත.

වයස අවුරුදු 19න් පහළ ICC ලෝක කුසලානයේ සත්කාරකත්වය, ලංකා T10 ලීග් තරගාවලිය, හිටපු විදායක සාමාජිකයින්ගේ නියෝජනය, ජපන් අවස්ථා ප්‍රතික්ෂේප කිරීම සහ පිරිමි ICC ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම, නවසීලන්ත ශ්‍රී ලංකා සංචාරය, 2022 ආසියානු කුසලාන තරගාවලිය මෙලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉස්මතු කරන ලද තරඟාවලි අතරට ඇතුළත්ය. පහත සඳහන් ගැටළු විසඳීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපියට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කොට ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයට එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි

ක්‍රීඩා අමාත්‍යවරයා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වන බරපතල චෝදනා සහ දූෂණ චෝදනා හමුවේ එහි ක්‍රියාකලාපය කණගාටුදායක බවයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන්ගේ විෂමාචාර සහ නින්දිත ක්‍රියා සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ඉල්ලා අස්වන ලෙසට සමාජය පුරා එල්ල වූ බලපෑම් හේතුවෙන් මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇති බවද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ දූෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීම වැළැක්වීම සඳහා දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) නැවත නැවතත් ලිඛිතව දැනුම් දී ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සදහන් කොට ඇත.

Back To Top