ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම, එක්දින ක්‍රිකට් අනාගතය සහ සමහර පූර්ණ සාමාජික රටවල් ඉලක්ක කරගත් ඉහළ කාර්ය සාධන වැඩසටහනක් පැවැත්වීම යන කරුණු අහමදාබාද්හි පැවැත්වීමට නියමිත ICC මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් වීමට නියමිත බව ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කොට ඇත.
ලෝක කුසලාන අවසන් තරඟයෙන් දින දෙකකට පසුව එනම් අඟහරුවාදා දිනයේදී ICC මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතය. පසුගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවූ තහනම ICC මණ්ඩල රැස්වීමේ ප්‍රධානම මාතෘකාවක් බවට පත් වනු ඇතැයි Cricinfo වාර්තා වල සදහන්ය. ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව දිගටම පවත්වාගෙන යන්නේ ද යන්න මෙන්ම අත්හිටුවීම සම්බන්ධයෙන් පැනවිය හැකි කොන්දේසි ද මෙහිදී විවාදයට ගැනෙනු ඇත
ICC හි නියෝජ්‍ය සභාපති ඉම්රාන් ක්වාජා කලක සිට සිදුවිය හැකි දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව සොයා බැලීම හේතුවෙන් ඔහු මෙහිදී ඒ පිළිබඳව කතා කරනු ඇතැයි වාර්තා වල සදහන් වී ඇත. ඔහු මැයි මාසයේදී ශ්‍රී ලංකාවට කරුණු සෙවීමේ මෙහෙයුමකදී මේ පිළිබඳව විමර්ශනය කොට ඇත.