ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්‍යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ශාරීරික කාර්ය සාධන කළමනාකරු (Physical Performance Manager) ලෙස කටයුතු කක ග්‍රාන්ට් ලූඩන් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ලෙසින් කටයුතු කළ ක්‍රිස් ක්ලාක් ද සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ග්‍රාන්ට් ලූඩ්න් 2021 වසරේ සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ශාරීරික කාර්‍ය සාධන කළමනාකරු ලෙසින් කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සමගින් එක් වූ පසුව ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම් පරීක්ෂාව වෙනුවෙන් කිලෝමීටර් 2ක දුර ප්‍රමාණය මිනිත්තු 8 තත්පර 35 තුළ අවසන් කිරීමේ අභියෝගයද ලබා දුනි. එමගින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කිරීමට ඔහු සුවිසල් කාර්‍යභාරයක් ඉටු කළේය. ක්‍රිස් ක්ලාක් මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට භෞත චිකිත්සකවරයා ලෙසින් කටයුතු කළේය.

Back To Top