ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව යළිත් ශම්මි සිල්වාට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025-27 කාල සීමාව සඳහා වන නිළවරණය අද දිනයේ දී පැවැත්වුණා.

එහිදී අඛණ්ඩව සිව්වන වරටත් ක්‍රිකට් සභාපතිවරයා බවට පත්වන්නට හිටපු සභාපති ශම්මි සිල්වා මහතාට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් 64 වනි වාර්ෂික මහා සමුළුවේදී මෙම නිළවරණය පැවති අතර ශම්මි සිල්වා මහතා නිතරගයෙන්ම සභාපති ධූරයට පත්වුණා.

Back To Top