ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන් උදෙසා පිරිනැමෙන ICC Hall of Fame සම්මානය වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු අරවින්ද සිල්වා ඇතුළත් කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ ICC Hall of Fame සම්මානය වෙනුවෙන් නම් කළ සිව්වන ක්‍රීඩකයා බවට පත් වන්නට අරවින්ද සිල්වාට හැකිවිය.
අරවින්ද සිල්වා ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙසින් නම් දරා සිටින අතර ජාත්‍යන්තර තරග 401කදී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් පාන්නට සමත් වී ඇත. අරවින්ද සිල්වා ටෙස්ට් තරග 93කදී ලකුණු 6361ක් ද එක්දින තරග 308කදී ලකුණු 9284ක් රැස්කිරීමට සමත් වී ඇත. පිත්තෙන් මෙන්ම අවශ්‍යම මොහොතේ දී පන්දුවෙන් දස්කම් පෑ අරවින්ද සමස්ත ජාත්‍යන්තර කඩුලු 135ක් ද දවාගැනීමට සමත් වී ඇත.
අරවින්ද ද සිල්වා එළඹෙන අඟහරුවාදා දිනයේ දී මුම්බායි හි පැවැත්වෙන උත්සවයකදී ICC Hall of Fame ලැයිස්තුවට ඇතුළත් කිරීමට නියමිතය. මින් පෙර ශ්‍රී ලංකාව බිහිකළ තවත් විශිෂ්ට ක්‍රීඩකයන් තිදෙනෙක් වූ මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ICC Hall of Fame ලයිස්තුවට ඇතුළත් විය.