ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ සොඳුරුතම තරග දිරිගන්වන්නාගේ දිවිසැරිය නිමවෙයි!

ලොව පුරා වෙසෙන ක්‍රිකට් ලෝලීන්ගේ ජනාදරයට පත් පර්සි Uncle නාමයෙන් හදුන්වන පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු ශ්‍රී ලංකාවේ සිට ප්‍රමුඛතම ක්‍රිකට් තරග දිනවන්නා ලෙසින් හැඳින්විය හැකි ක්‍රිකට් වලට දැඩි ඇල්මක් දැක්වූ පුද්ගලයෙකි.

මිය යන විට 87 හැවිරිදි වියෙහි පසුවූ පර්සි අබේසේකර මහතා කලක සිට අසනීප තත්වයෙන් පසුවිය. සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පර්සි අබේසේකර මහතාගේ යහපැවැත්මට සහ යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමට සහාය වීම සඳහා මිලියන 5ක මුදලක් පරිත්‍යාග කළහ.

ඔහු 1979 ලෝක කුසලානයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමට සහය දැක්වීම සඳහා සිංහ ධජයද පෙරටු කොටගෙන සෑම තරගයක්ම පාහේ නැරඹීමට ක්‍රීඩාංගණයට පැමිණි පුද්ගලයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් හිතවත් පර්සි අන්කල්ට Ceylon Sports අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Back To Top