ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද දිනයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට

නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව අවදානය යොමු කොට තිබීම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද දිනයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද දිනයේ සුගතදාස ක්‍රීඩාංගණයේදී කිලෝමීටර් 2ක දුර දිවීමේ යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වීමට නියමිතය.

පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් සහ පන්දු රැකීමේ පුහුණුකරු ඇන්ටන් රූක්ස් ලෝක කුසලාන තරඟාවලිය අතර තුර දුර්වල ශාරීරික යෝග්‍යතාවය ද ඉස්මතු කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අද සුගතදාස ක්‍රීඩාංගනයේදී ජාතික තේරීම් මණ්ඩලය සහ පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ කිලෝමීටර් දෙකක ධාවන තරඟයට පිවිසීමට නියමිතයි.

Back To Top