සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවන් අද දිනයේදී සමත් විය. හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීමට ප්රතිවාදීන්ට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසෙන කොදෙව් ක්රීඩිකාවන්ට පන්දුවාර 47 එක් පන්දුවකදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 195ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ හේලි මැතිවුස් ලකුණු 38ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී සුගන්ධිකා කුමාරි සහ කවීෂා දිල්හාරි කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් විය.
ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන ශ්රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 34 එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී තරගය ජයග්රහණය කිරීමට සමත් විය. එහිදී හර්ෂිතා සමරවික්රම නොදැවී ලකුණු 44ක් සහ හසිනි පෙරේරා ලකුණු 43ක් රැස්කිරීමට සමත් වූහ. ආරම්භක පිතිකාරිණියන් යුගලය වූ චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න පිළිවෙලින් ලකුණු 38ක් සහ 40ක් රැස්කළහ. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙසින් පෙරමුණ හිමිකරගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවන්ට හැකිවිය.