Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට මෙම තරගාවලියේදී සහභාගි වූ තරග තුනම ජයගෙන දැනටමත් අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටී.

ශ්‍රී ලංකා සහ උගන්ඩා කාන්තා කණ්ඩායම් අතර අද පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු හතරකට රැස් කළ ලකුණු 154ට පිළිතුරු ලෙස උගන්ඩා කාන්තා කණ්ඩායම රැස් කළේ ඕවර 19.2කදී සියල්ල දැවී ලකුණු 87කි.

මෙහිදී ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි සහ කවිෂා දිල්හාරි කඩුලු දෙක බැගින් දවාලීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටය.

මෙදින ශ්‍රී ලංකා ඉනිමේදී අර්ධ ශතක දෙකක සබඳතාවයන් වාර්තා විණි. ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා වන විශ්මි ගුණරත්න සහ නායිකාව චමරි අතපත්තු ප්‍රථම කඩුල්ලට පන්දු 46කදී රැස් කළ ලකුණු 50ත් ආරම්භක පිතිකාරිණිය විශ්මි ගුණරත්න සහ හසිනි පෙරේරා තෙවන කඩුල්ලට පන්දු 51කදී එක් කළ ලකුණු 65ත් එම සබඳතාවයන්ය.

ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතුරින් මෙදින වඩාත්ම කැපී පෙනුණේ විශ්මි ගුණරත්නය. ආරම්භක පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි 18 හැවිරිදි දකුණත් පිතිකාරිණිය වන විශ්මි ගුණරත්න අවසාන පන්දු ඕවරය (20) නිම වන තෙක්ම නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඇය නොදැවී ලකුණු 73ක් රැස් කළේ පන්දු 64කට මුහුණ දී හතරේ හතක් සහ හයේ පහරක් සමඟය.

නායිකාව චමරි අතපත්තු පන්දු 21කට මුහුණ දී හතරේ තුනක් සහ හයේ පහරක් සමඟ ලකුණු 24ක් ද අංක හතර පිතිකාරිණිය හසිනි පෙරේරා පන්දු 24කදී හතරේ දෙකක් සහ හයේ පහරක් සමඟ ලකුණු 30ක් ද රැස් කළහ.

උගන්ඩා කාන්තා කණ්ඩායමේ ප්‍රොස්කොවියා අලාකෝ පන්දු 32කදී හතරේ පහක් හයේ පහරක් සමඟ ලකුණු 36ක් රැස් කිරීමට සමත් විණි.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව පන්දුවාර 20කදී කඩුලු 4ට 154යි – (විශ්මි ගුණරත්න නොදැවී 73, හසිනි පෙරේරා 30, චමරි අතපත්තු 24, ජැනට් මැබාසි 19/1යි)

උගන්ඩාව ඕවර 19.2කදී සියල්ල දැවී 87යි – (ප්‍රොස්කොවියා අලාකෝ 36, ජැනට් මැබාසි 14, ඉනෝකා රණවීර 10/2, ශෂිනි ගිම්හානි 23/2, කවීෂා දිල්හාරි 27/2)

Back To Top