15වන ලෝක කායවර්ධන සහ ශාරීරික ශූරතාවලියේ දෙවන දිනයේදී තවත් ජයග්රහණ රැසක් හිමිකරගැනීමට ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවන් සමත් වුණා.
පසුගිය දා ලක්මව රිදියෙන් බැබලවූ නිමල් වන්නිආරච්චි ඊයේ දිනයේදී කිලෝග්රෑම් 85 බරපන්තියේ ලෝක ශූරතාවය වෙනුවෙන් තරග වැදුනා. එහිදී තරුණ ක්රීඩකයන්ට ප්රභල අභියෝගයක් එල්ල කරමින් සිව්වන ස්ථානය දිනාගැනීමට 56 හැවිරිදි නිමල් වන්නිආරච්චි සමත් වුණා.
ඉන් අනතුරුව ලෝක ශූරතා Athletic Physique අංශයේ සෙන්ටිමීටර් 175 තරග ඉසව්ව වෙනුවෙන් ශ්රී ලංකාවේ ශනිල්ක පෙරේරා තරග වැදුනා. එහිදී ඔහු රිදී පදක්කම දිනාගනිමින් ලක්මාතාවට තවත් කීර්තිමත් ජයග්රහණයක් අත්කරදෙන්නට සමත් වුණා. ස්පෝට් පිස්ක් අංශයේ සෙන්ටිමීටර් 175 ලෝක ශූරතා ඉසව්ව වෙනුවෙන් තරග වැදුනු හර්ෂ ඩී පීරිස් එහි පස්වන ස්ථානය දිනාගැනීමට සමත් වුණා.
ඊයේ දිනයේ දී ශ්රී ලංකා ක්රීඩිකාවන් ද තරග බිමට අවතීර්ණ වූ අතර එහිදී ද ජයග්රහණයන් හිමිකරගැනීමට ඔවුන්ට හැකිවුණා. කාන්තා ස්පෝට්ස් පිසික් අංශයේ සෙන්ටිමීටර් 165ට් වැඩි තරග ඉසව්වේ දී සිව්වන ස්ථානය දිනාගැනීමට මධුෂානි අමරසිංහ ක්රීඩිකාව සමත් වුණා.
නිෂා මධුමාලි ක්රීඩිකාව සෙන්ටිමීටර් 165ට වැඩි ස්විම්සූට් මොඩ්ල් තරග ඉසව්වේ දී සිව්වන ස්ථානය දිනාගැනීමට සමත් වුණා. එමෙන්ම ඇය ලෝක ශූරතා මොඩ්ල් පිසික් අංශයේ සෙන්ටිමීටර් 170ට වැඩි තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වුණා.