ශ්‍රී ලංකා නැගී එන පිළ පළමු ඉනීමේ තවත් ලකුණු 32ක් පිටුපසින්

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර දෙවන නිළ නොවන ටෙස්ට් තරගය තුන්වන දිනටත් අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

පළමු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තෙවන දිනයට තරගය ආරම්භ කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 81ක් කොට සිටියහ. ඔවුන් අද දිනයේ දී තවත් කඩුලු 4ක් දැවී ලකුණු 128ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව තෙවන දිනය වූ අද දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසාවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 219ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම බංග්ලාදේශයට වඩා පළමු ඉනීමේ තවත් කඩුලු 3ක් අතැතිව ලකුණු 32ක් පසුපසින් රැඳි සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පවන් රත්නායක පන්දු 91කදී හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 44ක් රැස්කොට සිටින අතර අහන් වික්‍රමසිංහ ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය. හෙට තරගයේ අවසන් දිනයයි.

බංග්ලාදේශයට පළමු ඉනීමේ දී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 251ක් පමණි. එහිදී වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අක්බාර් අලි පන්දු 202කදී හතරේ පහර 14 හ හයේ පහර 2ක් සමගින් ලකුණු 129ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චාමික ගුණසේකර පන්දුවාර 19 පන්දු 5කදී නිළකුණු පන්දුවාර 5ක්ද සමගින් ලකුණු 58ට ප්‍රතිවාදී කඩුලු 9ක්ම දවාගැනීමට සමත් විය.

Back To Top