ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරග 3 කට එංගලන්තයට

එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම අගෝස්තු සහ සැප්තැම්බර් මසදී එංගලන්තයේ තරග සංචාරයකට නියැළීමට නියමිතය. අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ටෙස්ට් තරග 3 කින් සමන්විත වේ.

අගෝස්තු 21 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිව්දින පුහුණු තරගයකට සහභාගිවීමට නියමිත අතර එම තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය මෙතෙක් තීරණය වී නොමැත. තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදීද අගෝස්තු මස 29 වැනිදා සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලන්ඩන්හි ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදීත් තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය සැප්තැම්බර් 06 වැනිදා සිට 10 වැනිදා දක්වා ලන්ඩන්හි කියා ඕවල් ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත.

දිනය                             තරගය                                 ක්‍රීඩාංගණය

අගෝස්තු 14 – 17           සිව්දින පුහනු තරගය              –

අගෝස්තු 21 – 25           පළමු ටෙස්ට් තරගය              ඕල්ඩ් ට්‍රැෆර්ඩ්, මැන්චෙස්ටර්

අගෝ. 29-සැප්.02           දෙවැනි ටෙස්ට් තරගය            ලෝඩ්ස්, ලන්ඩන්

සැප්තැම්බර් 06 -10          තෙවැනි ටෙස්ට් තරගය           කියා ඕවල්, ලන්ඩන්  

Back To Top