ශ්‍රී ලංකා පිළේ වසර 50ක් ඉපැරැණි ලෝක කුසලාන වාර්තාවක් අලුත් වෙයි

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ වාර්තාව අලුත් කරන්නට මහීෂ් තීක්ෂණ හා ඩිල්ෂාන් මධුසංඛ අද දිනයේදී සමත් විය. ඒ වසර 50ක් ඉපැරැණි වාර්තාවක් බිදහෙලමිනි.

මින් පෙර 1983 ලෝක කුසලාන තරගාවලියේ දී විනෝදන් ජෝන් හා රුමේෂ් රත්නායක අවසන් කඩුල්ලට ලකුණු 33ක සබඳතාවක් ගොඩනගන්නට සමත් විය. එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ඔවුන් දෙදෙනා කඩුලු 9කට ලකුණු 103ක් ලෙස දිස්වූ ලකුණු පුවරුව ලකුණු 136ක් තෙක් ඉහළ නැංවීය.

අද දිනයේදී මහීෂ් තීක්ෂණ හා ඩිල්ෂාන් මධුසංක අවසන් කඩුල්ලට ලකුණු 43ක් රැස්කිරීමට සමත් විය. එය ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් කඩුල්ලට ගොඩනැගුණු හත්වන ඉහළම සබඳතාවය බවටද පත් විය.

Back To Top