ශ්‍රී ලංකා මාධ්‍ය ක්‍රිකට් කණ්ඩායමට එක් කඩුල්ලක පරාජයක්

සංචාරක ඩුබායි මැමත්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා මාධ්‍ය ක්‍රිකට් කණ්ඩායම අතර ක්‍රිකට් තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම තරගය පන්දුවාර 25කට සීමා විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා මාධ්‍ය කණ්ඩායම නියමිත පන්දුවාර 25 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 148ක් රැස්කිරීමට සමත් විය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනීමක් ක්‍රීඩා කළ දිනේෂ් උපේන්ද්‍ර හතරේ පහර හා හයේ පහර 3ක් සමගින් ලකුණු 50ක් රැස්කිරීමට සමත් විය.

ඉලක්කය හඹාගිය ඩුබායි මැමත්ස් කණ්ඩායම පන්දුවාර 24 පන්දු 5ක් අවසානයේ කඩුලු 9ක් දැවී තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී මනෝජ් රිදීමාලියද්ද කඩුලු 4ක් ද පියල් වීරසිංහ කඩුලු 3ක් ද දවාගැනීමට සමත් විය. ඒ අනුව මෙම තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ඩුබායි මැමත්ස් කණ්ඩායමට හිමි විය. මෙම තරගයේදී ඩුබායි මැමත්ස් කණ්ඩායම Pagarani Shiva ගේ නායකත්වය යටතේ තරග වදිද්දී ශ්‍රී ලංකා මාධ්‍ය කණ්ඩායම මෙහෙයවූයේ Ranjan Paranavithana යි.

SL media cricket club 148/8 in 25 overs.
( Dinesh Upendra 50, Ruwan Senarathne 23, Malik Ravish 2/31)

Dubai Mammoths 150/9 in 24.5 overs
( Malik Ravish 31, Salim Yassir 18 n.o., Manoj Rideemaliyadda 4/32, Priyal Weerasinghe 3/35 )

Back To Top