ශ්‍රී ලංකා යෞවනයන්ට අවමන් සහගත පරාජයක් උරුම වෙයි

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහල තරඟාවලියේ B කාණ්ඩයේ තවත් එක් තරඟයක් අද දිනයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවති මෙම තරගය ඩුබායි හී පිහිටි icc academy ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරඟේ කාසිය වාසය දිනූ එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළහ

එය ආරාධනයෙන් පිළියට පිවිසෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 220ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ අසාර්ථක වද්දී සටන්කාමී ඉනීමක් ක්‍රීඩා කළ දිනුර කලුපහන පන්දු අසූ හතකදී හතරේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 56ක් රැස් කිරීමට සමත් විය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සිනෙත් ජයවර්ධන පන්දු හැටපහකදී හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 49ක් රැස්කොට සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමට හසුවිය. පන්දු යැවීමේදී අෆ්සාල් කාන් ලකුණු 38කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.

ඉලක්කය හඹායම වෙනුවෙන් පිටියට පිවිසෙන එක්සත් අරාබි කණ්ඩායම පන්දු දහයක් ඉතිරිව තිබියදී කඩුලු අටක් දැවී තරගය ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසයට එක් වනු ඇත. එක්සත් අරාබිය එමීර් රාජ්‍ය කණ්ඩායම් වෙනුවෙන් ටනීෂ් සූරි පන්දු 88කින් ලකුණු 75ක් රැස්කළේ හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමගිනි. නායක අෆ්සාල් ඛාන් ලකුණු 33ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ලෙස පන්දු යැවූ ගරුක සංකේත් ලකුණු 35කට කඩුලු 3ක් බිදහෙලීය. මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටය පිළිබඳව බලාපොරොත්තුද අවිනිශ්චිතතාවයකට පත්වී ඇත.

Back To Top