වයස අවුරුදු 19න් පහළ ආසියනු කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට ශ්රී ලංකා ක්රීඩිකාවන්ට අද දවසේදී සිදුවුණා. ඒ සුපිරි හතර වටයේ තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම හේතුවෙන්.
මලයාසියාවේ ක්වාලාලම්පූර්හි පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්රීලංකා යෞවනියන්ට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 98ක් පමණයි. එහිදී ඉනීමේ වැඩිම ලකුණු ලාභිනිය වූ මනුදි නානායක්කාර පන්දු 30කදී ලකුණු 33ක් සහ සුමුදු නිසංසලා පන්දු 31කදී ලකුණු 21ක් රැස්කිරීමට සමත් වුණා.
ඉන්දීය කකණ්ඩායම වෙනුවෙන් ආයුෂි ශුක්ලා ලකුණු 10කට ශ්රීලංකා ඉනීමේ කඩුලු 4ක් දවාගැනීමට සමත් වුණා. ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන ඉන්දීය යෞවනියන් පන්දුවාර 14 පන්දු 2ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 102ක් රැස්කරමින් තරගය ජයග්රහණය කිරීමට සමත් වුණා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ගොන්ගාදි ත්රිෂා පන්දු 24කදී ලකුණු 32ක්ද G කමලිනී පන්දු 26කදී ලකුණු 28ක් ද රැස්කිරීමට සමත් වුණා. ශ්රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ චමෝදි මුණසිංහ ලකුණු 16කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.