සංචාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා කොදෙව් තරගාවලිය වෙනුවෙන් ක්රීඩා කළ ශ්රී ලංකා සංචිතයම නම් කිරීමට සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වී ඇත.
නමුත් එක්දින තරගාවලියේදී වෙනස්කම් කිහිපයක් සිදුවීමේ වැඩි ඉඩක් පවතින බවට ද තොරතුරු වාර්තා වී ඇත. ඊට හේතුව වනුයේ ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ තීරණාත්මක දකුණු අප්රිකානු තරගාවලිය එක්දින තරගාවලියෙන් පසුව යෙදී තිබීමයි.
පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් ඇතුලු ක්රීඩකයන් කිහිපදෙනෙකු නවසීලන්ත විස්සයි විස්ස තරගාවලියෙන් විවේක ගන්වීමේ සූදානමක් මින් පෙර තිබුණද කොදෙව් තරගාවලියට ක්රීඩා කළ සංචිතය ලබාදෙන මෙන් කණ්ඩායම් කළමණාකාරීත්වය තේරීම් කමිටුවෙන් ඉල්ලා ඇත.
නවසීලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 9වනදා දඹුල්ලේ දී ආරම්භ වීමට නියමිතය.
අපේක්ෂිත ශ්රී ලංකා සංචිතය
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, චමිඳු වික්රමසිංහ, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩසේ, මතීෂ පතිරණ, අසිත ප්රනාන්දු