ශ්‍රී ලංකාවට එක්දින ශ්‍රේණිගතකිරීම්හි උසස්වීමක්

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සමග පැවති තරඟයෙන් තියුණු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ දී සමත් වුණා. මෙම ජයග්‍රහණයත් සමඟින් ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම් වල එක් පියවරකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 93 හිමිකර ගනිමින්. ඒ අනුව මින් පෙර හත් වන ස්ථානයේ රැඳී සිටි බංග්ලාදේශය 8 වන ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

ඊයේ තරඟය පරාජයට පත් වීමත් සමගින් පකිස්ථාන කණ්ඩායම අංක තුන ස්ථානය දක්වා පසු බැස තිබෙනවා. ඔවුන් ආසියානු කුසලාන තරගාවලිය ආරම්භයට පෙරාතුව ජාතන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ එක්දින කණ්ඩායම ලෙසින් රැදී සිටියා. නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමිකර ගැනීමට සමත් වී ඇත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්
ඕස්ට්‍රේලියාව – 118
ඉන්දියාව – 116
පකිස්තානය -115
එංගලන්තය – 103
නවසීලන්තය – 102
දකුණු අප්‍රිකාව -101
ශ්‍රී ලංකාව – 93
බංග්ලාදේශය – 92
ඇෆ්ගනිස්තානය – 80
බටහිර ඉන්දීය කොදෙව් – 68[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top