[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා තරග සංචාරය සදහා එංගලන්ත ටෙස්ට් කණ්ඩායම නම් කර තිබෙනවා. ඊට බෙන් ෆෝක්ස් සහ කීටන් ජෙනිංග්ස් කැදවා ඇති අතර මෙම ක්‍රීඩකයන් දෙදෙනා එංගලන්ත ටෙස්ට් සංචිතයට එක්වූයේ මාස 12 කට පසුවයි.
පසුගියදා අවසන් වූ දකුණු අප්‍රිකානු සංචාරයේදී ආබාධයකට ලක්වූ ජේම්ස් ඇන්ඩර්සන්ට මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමිව නැහැ. මේ අතර මොයින් අලීටද කණ්ඩායමේ ස්ථානයක් ලබා දී නොතිබීම විශේෂත්වයක්. ආබාධයන්ට ලක්ව සිටින ජොෆ්රා ආර්චර් සහ රෝරි බර්න්ස් කණ්ඩායමට ඇතුලත් නොවන අතර මාර්ක් වුඩ් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් ඒ වෙනුවට කණ්ඩායමට කැදවා තිබෙනවා. ජැක් ලීච් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස කටයුතු කරන අතර ඩොම් බෙස් සහ මැට් පාර්කින්සන් කණ්ඩායමේ අනෙක් දඟ පන්දු යවන්නන්. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට තරග 2 ක් ඇතලත්. පළමු තරගය මාර්තු මස 19 වැනි දින සිට 23 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. දෙවැනි තරගය මාර්තු 27 සිට 31 දක්වා පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී.
ශ්‍රී ලංකා සංචාරය සදහා නම් කළ එංගලන්ත සංචිතය.
ජෝ රූට් (නායක), ඩොමිනික් බෙස්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ජොස් බට්ලර්, සැක් ක්‍රෝලි, සෑම් කරන්, ජෝ ඩෙන්ලි, බෙන් ෆෝක්ස්, කීටන් ජෙනිංග්ස්, ජැක් ලීච්, මැතිව් පාකින්සන්, ඔලී පෝප්, ඩොමිනික් සිබ්ලි, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස් සහ මාක් වුඞ්[/vc_column_text][/vc_column][/vc_row]