ශ්‍රී ලංකාවට එරෙහි පළමු විස්සයි විස්ස තරගයේ ජය එංගලන්තයට

[vc_row][vc_column][vc_column_text]ශ්රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ආරම්භක තරගයෙන් ලකුණු 12 ක විශිෂ්ට ජයග්රහණයක් ලබා ගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් විය. එංගලන්තයේ Hove හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකා ක්රීඩිකාවන් පළමුව පන්දු රැකීමට තීරණය කළහ.

තුන් ඉරියව් ක්රීඩක ඇලිස් කැප්සි පන්දු 27කදී ලකුණු 51ක් හා ඩැනී වේට් පන්දු 30කදී ලකුණු 48ක් රැස්කරමින් වේගවත් පිතිහරඹයක නිරත විය. කාලගුණික තත්ත්වය හමුවේ ප්රමාද වූ තරගය පන්දුවාර 17කට සීමා වූ අතර එංගලන්ත කණ්ඩායම එම පන්දුවාර ප්රමාණය තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 186ක් රැස්කළහ.

ශ්රී ලංකා ඉනීමේ පන්දුවාර 3 එක් පන්දුවක් නිමාවට පත්වන විට තරගයට යළිත් වර්ෂාව හරස් විය. ඩක්වත් ලුවිස් න්යාය අනුව ශ්රී ලංකාවට පන්දුවාර හයක් තුල ලකුණු 68ක් රැස්කළ යුතු විය. ඒ වන විට පන්දු 17ක් තුළ ලකුණු 45ක් ජයග්රහණය වෙනුවෙන් අවශ්ය වුවද නියමිත පන්දුවාර 6 තුළ කඩුලු 3ක් දැවී ශ්රී ලංකා ක්රීඩිකාවන් රැස්කළේ ලකුණු 55ක් පමණි. ඒ අනුව පළමු විස්සයි විස්ස තරගයේ ජය ලකුණු 12කින් එංගලන්තය සතු විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top