ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කල යුතුම දෙවන විස්සයි විස්ස තරඟය බ්‍රිස්බේන් හිදී

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු සංචාරයේ තරග තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය හෙට දිනබ්‍රිස්බේන් හිදී ගැබා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවත්වීමට නියමිතය.

පළමු තරඟයෙන් ලකුණු 131ක දැවන්ත පරාජයක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර එම නිසා තරඟාවලිය ජයග්‍රහණය කිරීමට නම් මෙම තරඟදෙකම ජයග්‍රහණය කිරීම අනිවාර්යය වේ.

පළමු තරඟයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ආරන් ෆින්ච්, ඩේවිඩ් වෝනර් සහ ග්ලෙන් මැක්ස්වෙල් වැනි පිතිකරුවන්ගෙන් දැඩි ප්‍රහාරයට ලක්වූ අතර දෙවන තරඟයේදී ඔවුන් වෙනුවෙන් විශේෂ සැලසුම් දියත් කරනු ඇතයි ක්‍රීඩා විචාරකයන්ගේ මතයයි.

තරඟය හෙට දින එරට වෙලාවෙන් පස්වරු හයට සහ මෙරට වෙලාවේන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය.

ක්‍රීඩා කිරීමට ඉඩ ඇති කණ්ඩායම.

ධනුශ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
භානුක රාජපක්ෂ
කුසල් ජනිත් පෙරේරා
ඕශධ ප්‍රනාන්දු
දසුන් ශානක
වනිදු හසරංග
ලසිත් මාලිංග
ලක්ෂාන් සඳකැන්
ලහිරු කුමාර
නුවන් ප්‍රදීප්

Practice Session Photo Album [/vc_column_text][/vc_column][/vc_row]

Back To Top