[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමෙහි බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කරමින් තරග 03කින් යුත් විස්සයි-20 තරගාවලියේ පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගැනීමට සමත් විය.
කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් නායක කිරන් පොලාර්ඩ් පළමුව පන්දු යැවූ අතර බටහිර ඉන්දීය කොදෙව් වෙනුවෙන් කෙවින් සින්ක්ලෙයාර්, ශ්‍රී ලංකාව වෙනුවෙන් අශේන් බණ්ඩාර සහ පැතුම් නිශ්ශංක විස්සයි-20 වරම් දිනා ගන්නා ලදි.
මුලු ලකුණු සංඛ්‍යාව 20ක් වන විට ධනුෂ්ක ගුණතිලක ලකුණු 4ට දැවී ගිය පසු නිරෝෂන් දික්වැල්ල සමග එක්වූ පැතුම් නිශ්ශංක 2වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවයක් පැවැත්වූ අතර නිරෝෂන් දික්වැල්ලගේ කඩුල්ල ලකුණු 33කට 10වන පන්දු වාරය යැවූ ජේසන් හෝල්ඩර් ලබා ගන්නා විට මුලු ලකුණු 70ක් ලෙස සටහන් විය.
හතරේ පහර 4ක්,එක් හයේ පහරක් සමගින් පන්දු 33ක් තුල ලකුණු 39කට දැවී යාමෙන් පසු තරගයට වර්ශාවෙන් බාධා අති විය.එවිට ලකුණු පුවරුව දැක් වූයේ පන්දු වාර 13කට ලකුණු 86 ලෙසය.
නැවත ආරම්භ වු තරගයේ මුලු ලකුණු 97වන විට ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 5කටද දිනේෂ් චන්දිමාල් ලකුණු 11කටද දවා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් සමත් විය.
බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් වේගය අඩාල කල යැවූ පන්දු හමුවේ දැක්වු දුර්වල පිතිකරණය හේතුවෙන් පන්දු වාර විස්ස අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 131ක් පමණි.
ලකුණු 132ක ඉලක්කයක් හඹා යාමට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු එවින් ලුවිස් ඇන්ජලෝ මැතිව්ස් යැවු පළමු පන්දු වාරයට හයේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් රැස් කිරීමට සමත් විය..
එහෙත් හතරවන පන්දු වාරය යැවූ අකිල ධනංජය ලබා ගත් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් නමුත් හයවන පන්දු වාරයට යැවූ අකිල ධනංජයට කිරන් පොලාර්ඩ් පන්දු 6ට පිට පිට හයේ පහර 6ක් එල්ල කළේය.
අටවන පන්දු වාරයට යැවූ වනිඳු හසරංග කිරන් පොලාර්ඩ් ලකුණු 38කටද ෆේබියන් ඇලන් ලකුණු නොලබාම දවා ගත් නමුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 04ක ජයක් ලැබීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිම 131/9 පන්දු වාර(20)
පැතුම් නිශ්ශංක 39, නිරෝෂන් දික්වැල්ල 33,ඕබෙඩ් මැකෝයි 25/2 ,ෆේබියන් ඇලන් 4/1, ජේසන් හෝල්ඩර් 19/1
බටහිර ඉන්දීය කොදෙව් 134/7 පන්දු වාර(13.1)
එවින් ලුවිස් 28 කිරන් පොලාර්ඩ් 38 ලෙන්ඩ්ල් සිමන්ස් 26,අකිල ධනංජය 62/3 වනිඳු හසරංග 12/3.
සටහන – ශ්‍රී ලංකා ලකුණු සටහන් වෙබ් අඩවිය[/vc_column_text][/vc_column][/vc_row]