ශ්‍රී ලංකාවට සුපිරි කණ්ඩායම් හතරට පිවිසීමට අභියෝග කරන්න පුලුවන් – කුමාර් සංගක්කාර

[vc_row][vc_column][vc_column_text]එළැඹෙන මස ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් ඇති කණ්ඩායම් පිළිබඳව ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අදහස් දක්වා ඇත. ඒ අනුව කුමාර් සංගක්කාර අනාවැකි පළ කරන්නේ මෙවර ලෝක කුසලානයේ දිනා ගැනීමට වැඩි ඉඩක් ඇත්තේ එංගලන්තයට හා ඉන්දියාවට බවයි.

ශ්‍රී ලංකාව මේ දිනවල ආසියානු කුසලාන තරගාවලියේ දී දක්වන දක්ෂතා අනුව කුමාර් සංගක්කාර සඳහන් කොට ඇත්තේ ඔවුන්ට සුපිරි කණ්ඩායම් හතර අතරට පිවිසීම සඳහා අභියෝගයක් එල්ල කළ හැකි බවයි.

” මම දැක්කා ශ්‍රී ලංකාව අවසන් වරට ක්‍රීඩා කළ තරග. ඒ වගේම ඔවුන් කොහොමද ක්‍රීඩා කළේ කියන එක ආසියානු කුසලානය තුළ. ප්‍රමුඛ පෙළේ තරම් ගාව විල් ලේවැල්ල ශ්‍රී ලංකාව ඉතා හොඳින් දක්ෂතා දක්වනවා. ඉතින් ඔවුන්ට පුළුවන් අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසීමට අභියෝගයක් එල්ල කරන්න. ඔබ ප්ලේ ඕෆ් වටයට ගියොත් ඔබට තවත් එක තරඟයක් විතරයි ඉතිරි වෙන්නේ. ඔබ එක හොඳ දවසක් කරගත්තොත් ඔබ කෙලින්ම අවසන් මහා තරගයේ”[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top