[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම අද දෙවන තරගයට මුහුණ දුන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යය එරෙහිව. තරගාවලිය තවදුරටත් රැඳී සිටීමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් දෙපිලටම මෙම තරගය ජයග්‍රහණය අතිශයින්ම වැදගත් වුණා. තරගය පැවැත්වුණේ ජීලොන් හිදී.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එක්සත් අරාබි එමිර් වංශය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන් දුන්නා.ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 42ක් වන විට කුසල් මෙන්ඩිස් ලකුණු 18කට දැවී ගියා. ධනංජය ද සිල්වා පන්ති 21 දී ලකුණු 33 ක් රැස් කළා. භානුක රාජපක්ෂ ලකුණු පහයි. ඔහු දැවී ගියේ කාර්තික් මයියප්පන්ගේ පන්දුවක් හමුවේයි. කාර්තික් මයියප්පන්ගේ මීළඟ පන්දු දෙකේදී චරිත් අසලංක සහ නායක දසුන් ශානක ලකුණු නොලබා දැවී ගියා. ඒ අනුව කාර්තික් මයියප්පන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තා. මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ලබාගත් පළමු කඩුලු ත්‍රිත්වය මෙයයි.
20/20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ලබාගත් පස්වැනි කඩුලු ත්‍රිත්වය ලෙසයි මෙය වාර්තා වන්නේ. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක පන්දු 60 කදී ලකුණු 74 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර දෙකක් ඇතුළත්. ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 152 ක් රැස් කළා. තරගය ජය ගැනීම සඳහා ලකුණු 153 ක ඉලක්කයක් සමඟ පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ මුල් කඩුලු හතර ලකුණු 21 කට දවා ගැනීමට ශ්‍රී ලංකාව වේග පන්දු යවන්නන් සමත් වුණා. ඔවුන්ගේ ඉනිමේ කඩුලු 7ක් දැවී යන විට ලකුණු පුවරුව සටහන් වුණේ 42 ක් ලෙසයි. එක්සත් අරාබි එමිර් එමීර් රාජ්‍ය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ආයන් අෆ්සාල් ඛාන් ලකුණු 19 ක් රැස් කළා. ජුනයිඩ් සිද්ධිකී ලකුණු 18 යි. ඔවුන් පන්දු වාර 17 යි පන්දුවක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කලේ ලකුණු 73 පමණයි.
ඒ අනුව තරඟයේ තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 79 ක ජයක් හිමිවුණා. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග කඩුලු 3 බැගින් බිඳ හෙලූවා.[/vc_column_text][/vc_column][/vc_row]