ශ්‍රී ලංකාවේ ශ්‍රීමන්ත අර්ධ ශතකයක් ලැබුවද කැනඩාව පරාජයට පත්වෙයි

[vc_row][vc_column][vc_column_text]2020 ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් අබුඩාබි නුවර මේ දිනවල පැවැත්වෙන 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තවත් එක් තරගයක් ඊයේ කැනඩාව හා ඕමානය අතර පැවැත්වුණි.

මෙම තරගයේදී ශ්‍රී ලංකවේ උපත ලද ශාන්ත පීතර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයෙකු ලෙස ක්‍රියා කල ශ්‍රීමන්ත විජේරත්න කැනඩා ජාතික කණ්ඩායම නියෝජනය කල අතර එහිදී ඔහු පන්දු 36කදී වේගවත් ළකුණු 56ක් ලබා ගැනීමට සමත් විය. එම ළකුණු 56 වෙනුවෙන් ඔහු හතරේ පහර 9ක් එල්ල කොට තිබුණු අතර පන්දුවට පහරදීමේ ප්‍රහාරක වේගය 155.55ක් ලෙස සටහන් වී තිබුණි.ඔහු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රිකට් කණ්ඩායමද නියෝජනය කල අයෙකි.

අනෙකුත් කිසිදු කැනඩා ක්‍රීඩකයෙකුට සාර්ථක වීමට ඕමාන පන්දු යවනන් අවස්ථාවක් ලබා නොදුන් අතර පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් බිදවැටී කැනඩාව ළකුණු 144ක් පමණක් ලබා ගැනීමට සමත්විය .

පිළිතුරු ඉනීම ආරම්භ කල ඕමානයේ පළමු කඩුල්ල ළකුණු 6දී බිද වැටුණද දෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 69ක් තුළ ළකුණු 126ක සම්බන්ධයක් එක් කළ අකීබ් හා ජතීන්ද්‍ර ඕමානය ජයග්‍රහණය කරා රැගෙන ගියේ තවත් පන්දු 31ක් ඉතිරිව තිබියදී කඩුලු දෙකක් පමණක් බිදවැටී තිබියදීය. මේ අනුව සහභාගීවූ තරග 5න් 4ක් ජයග්‍රහණය කලඕමානය B කාණ්ඩයේ ඉදිරිය ලබා ගැනීමට සමත්ව ඇත .

තරගයේ වීරයා බවට පන්දු 39කදී ලකුණු 68ක් ලබාගත් ජිතේන්ද්‍ර සිං නම් කරන ලදි.

කැනඩාව 144 – 9 (20) ශ්‍රීමන්ත විජේරත්න 56 , නිතීෂ් කුමාර් 22 ඛාවර අලි 2 -18

ඕමානය 145 -2 ජිතේන්ද්‍ර සිං 68 , අකීබ් ඉල්‍යාස් 60
[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top