ශ්‍රී ලංකාව නැවත තම විශ්වාසය ගොඩනගා ගත යුතුයි – අරවින්ද ද සිල්වා

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ තිබෙන්නේ විශාල පසුබෑමකට ලක්වය. මෙහිදී අවධානය යොමු කල යුතු කරුණු කිහිපයක් පවතී. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ කළමනාකාරීත්වය අතර මේ වන විටත් කොන්ත්‍රාත් සම්බන්ධයෙන් ගැටලු කිහිපයක්ම උද්ගත වී ඇත. ඒ වගේම පසුගිය ක්‍රිකට් සංචාර වලදී දරුණු පරාජයන් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතරම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට සූදානමින් පසුවන බවට පුවත් පළව යයි. මේ සම්බන්ධයෙන් අරවින්ද ද සිල්වා මෙලෙස තම අදහස් ප්‍රකාශ කර සිටියේය.

“මේ අවස්ථාවේදී මැතිව්ස් සමුගත්තොත් එය ඉතාමත්ම අපහසු අවස්ථාවක් වේවි. මම ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කල කැපකිරීම් සහ සේවය දැකලා තියෙනවා. මේ හේතූන් නිසා ඔහු ක්‍රිකට් වලින් සමුගෙන යනවා දකින්නට මම කැමති නෑ. ක්‍රිකට් ආයතනය සහ කොන්ත්‍රාත් ප්‍රශ්න නිසා එසේ වනවා දකින්නට මම කැමති නෑ.”

“ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තමන් පිළිබඳ විශ්වාසය ගොඩනගා ගත යුතුයි. ක්‍රිකට් විතරක් නෙමෙයි ඕනෑම ක්‍රීඩාවක විශ්වාසය ගොඩනගා ගැනීම හරහා ජයග්‍රහණය කරා ගමන් කිරීමට හැකි වනවා. විශ්වාස මගින් මේ තිබෙන තත්ත්වය වෙනස් කිරීමට හැකි වනවා. ජයග්‍රහණය කරමින් විශ්වාසය ගොඩනගා ගනිමින් ලෝක කුසලානය කරා ගමන් කිරීමයි අප විසින් කල යුත්තේ.”[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top