[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර තෙවන හා අවසන් එක්දින තරගය ඊයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි..ඊයෙ තරගයට පෙර තරගාවලිය 1-1ලෙස සම තත්වයේ තිබූ බැවිනි ඊයේ තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රාහකයන් වන්නට අවස්ථාව උදා වී තිබුණි..
මේ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 322ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් විය. බංග්ලාදේශය වෙනුවෙන් සයිෆ් හසන් ළකුණු 117ක් හා මොහොමඩ් නයිම් ළකුණු 66ක් ලබා ගැනීමට සමත්විය..පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශිරාන් ප්‍රනාන්දු ළකුණු 50කට කඩුලු 4ක් හා විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් ලබා ගැනීමට සමත්විය..
පිළිතුරු ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ 24 වන පන්දුවාරය තුළදී වර්ෂාව ඇද වැටීම හේතුවෙන් තරගය නතර කරන මොහොතේදී ශ්‍රී ලංකාව කඩුලු 6ක් බිදවැටී ලකුණු 136ක් පමණක් ලබා සිටියහ…ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිදු මෙන්ඩිස් ළකුණු 55ක් ලබාගත් අතර අශාන් ප්‍රියන්ජන් ළකුණු 34ක් ලබා ගැනීමට සමත්විය..
Bangladesh A won by 98 runs (D/L method)
BAN A 322/9 (50 Overs)
SL A 130/6 (24.4/24.4 Ov, target 229)
Kamindu Mendis 55(65), Ashan Priyanjan 34(35).
Hider 5-28-1, Hossain 6-36-1, Ebadat Hossain 4.4-26-2
චානක මධුසාගර[/vc_column_text][/vc_column][/vc_row]