ශ්‍රී ලංකාව ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි පරාජයත් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ඒ අනුව ඔවුන් තරගාවලියෙන් ඉවත් වුණා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර  තරගය පැවැත්වුණේ මෙලබර්න් හිදී.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පලමුවෙන් පන්දුවට  පහර දීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 113 ක් පමණයි. චමරි අතපත්තු ලකුණු 33 ක් රැස් කළ අතර කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 25 යි. පන්දු යැවීමේදී රාධා යාදේව් කඩුලු 4 ක් බිද හෙලුවා. පිලිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 14 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 116 ක් රැස් කරමින්. සෆාලි වර්මා ලකුණු 47 යි. ස්ම්‍රිති මන්දනා ලකුණු 17 ක් රැස් කළා. තරගයෙන් ඉන්දියාව ජය ගත්තේ කඩුලු 7 කින්.

මේ අතර බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් ජය වාර්තා කිරීමට නවසීලන්තය සමත් වුණා. තරගය පැවැත්වුණේ මෙලබර්න්හිදීයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 18 යි පන්දු 2 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 84 ක්. රචෙල් ප්‍රීස්ට් ලකුණු 25 යි. පන්දු යැවීමේදී රිතූ මෝනි කඩුලු 4 ක් බිද හෙලුවා. සල්මා කාටුන් කඩුලු 3 යි. පිලිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට පන්දු වාර 19 යි පන්දු 5 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 74 ක් පමණයි. නයිගර් සුල්තාන් ලකුණු 21 යි. පන්දු යැවීමේදී ලෙයිග් කැස්පර්ක් සහ හේලි ජෙන්සන් අතර කඩුලු 3 බැගින් බෙදී ගියා. තරගයෙන් නවසීලන්ත කණ්ඩායම ජය ගත්තේ ලකුණු 17 කින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top