[vc_row][vc_column]
ඇත්තටම නයිරෝබි ප්‍රහාරය කියලා කීවට මේකෙ ත්‍රස්ත ප්‍රහාරයක් නම් නෙමෙයි. ඒ කිව්වෙ ලාහෝරයේදී වගේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල උන ත්‍රස්ත ප්‍රහාරයක් නෙමෙයි කියලා.ඇත්තටම මේකෙදි උනේ තනි පුද්ගලයෙකු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හා ශ්‍රී ලාංකිකයන්ට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කිරීමයි. මෙම ප්‍රහාරය එල්ල උනේ දකුණු අප්‍රිකාවේ කෙන්යාවේදී.හරියටම කීවොත් කෙන්යාවේ නයිරෝබි නුවර ජිම්කානා ක්‍රීඩාංගණයේදී.
නයිරෝබි ප්‍රහාරය ශ්‍රී ලංකාවට එල්ල වීමත් සමගම ඊට මාස හයකට එපිට කාලයකදී (1996 – 04 – 02) පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය එල්ල කළ ප්‍රහාරයේ වාඩුව පාකිස්තාන විසින් ලබා ගත්තා.සනත් එදා පාකිස්තානයට එරෙහිව එල්ල කල ප්‍රහාරයත් සමගම එවකට ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම එක්දින ශතකයේ ලෝක වාර්තාව සනත් තමන් ඉදිරියේ ලියා ගන්න සමත් උනා. මීට පෙර මෙම වාර්තාවේ හිමිකරු බවට පත්වූයේ අසල්වැසි ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් අසරුඩීන්.
කොහොමහරි නයිරෝබි නුවරදි ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කළ මේ ප්‍රහාරයට වගකිව යුතු ක්‍රීඩකයා වෙන කවුරුත් නම් නෙමෙයි.ඔහු තමයි පාකිස්තානය බිහිකළ ප්‍රවේගකාරී සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශහිඩ් අෆ්රිඩි.නැතිනම් ශ්‍රී ලාංකික අප ඇතුළු ක්‍රිකට් ප්‍රේක්ෂක හැමෝගේම ආදරණීය ක්‍රීඩක බූම් බූම් අෆ්‍රිඩි.
ඔහු මෙම වසරේදී තමන් ගේ ජීවිත කතාව අලලා කෘතියක් රචනා කරනවා. ඒකෙ නම තමයි “The Game Changer”.මේ කෘතියේ එක් තැනක සඳහන් වෙලා තිබෙනවා ඔහුගේ එක්දින ක්‍රිකට් කූඨප්ප්‍රාප්තිය පිළිබඳව හා ඔහු ක්‍රීඩා කළ දෙවන තරඟයේදී ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව දියත් කල ඉනිම පිළිබඳව.මේ එම සිදුවීමට අදාළ කතාවේ ප්‍රථම දිගහැරුමයි.
එහෙනම් අපි අෆ්‍රිඩිගේ කතාව දිහාවට හැරෙමු.
ඇත්තටම මම ඒ වන විට රැඳී සිටියේ පාකිස්තානය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල.ඒක ඇත්තටම හරිම සුන්දර මතකයක්.අපි ගොඩක් දෙනා ඒ සංචාරයට යනකොට තමයි පළවෙනි වතාවට ගුවන්යානයක ඇතුළත පවා දැක්කෙ.එදා අපේ කණ්ඩායමේ බැඳීම හරිම පුදුමාකාරයි..අපේ විතරක්ම නෙමෙයි. ප්‍රතිවාදී කණ්ඩායම උන බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල හිටපු ක්‍රීඩකයන් වන ක්‍රිස් ගේල් , වේවල් හයිඩ්ස් ඒ වගේම පසු කාලයක නායකත්වයට පවා පත් උන රම්නරේෂන් සර්වාන් අපි හැමෝම හොඳ මිතුරන් බවට එම තරඟාවලියේදී පත් වුණා.
ඒ තරගාවලිය ආරම්භයේ ඉදන්ම මගේ ඔළුවේ වැඩ කරා මම මෙම තරගාවලියේදී අසාර්ථක වුවහොත් මගේ අනාගතයට මොකක්ද වෙන්නෙ කියන කාරණය ගැන..විශේෂයෙන්ම මගේ තාත්තාට ලොකු ආදායම් මාර්ගයක් නොතිබුණු නිසාම මගේ පවුලේ අනාගතය පිළිබඳව මට ලොකු බයක් ඒ වෙනකොට තිබුණා.මොකද මගේ පවුලේ වගකීම මට පැවරිලා තිබුණා.
සුන්දර බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල එම තරගාවලියේ ආරම් නරක නෑ.හරිම සුන්දරයි..මගේ මතකය හරි නම් මම බාර්බඩෝස් වලදී කඩුලු 22ක් ලබා ගැනීමට සමත් උනා. ඒ තරග 3ක් ඇතුළත.ඒ වගේම පිත්තෙනුත් කණ්ඩායමට ලකුණු ප්‍රමාණක් එක් කිරීමට මම සමත් වුණා.
එක්දින තරගාවලිය ගැන තියෙන්නෙ නම් මට මිශ්‍ර හැඟීමක්. කෙටියෙන්ම කීවොත් මම සාර්ථකත් නැ මම අසාර්ථකත් නෑ කියන්න පුළුවන්.
එක දවසක් මම උදෑසන දත් මදිමින් හිටියා.ඒ වෙලාවෙ එතනට ආපු අපේ කණ්ඩායමේ කළමනාකරු හරූන් රශීඩ් ( Haroon Rasheed) මහතා එකවරම මට සුභ පතමින් පවසා සිටියා “ශහීඩ් ඔබව පාකිස්තාන ජාතික කණ්ඩායමට තෝරාගෙන”කියලා.
ඒක අහපු වෙලාවේ මට වුණේ මොකක්ද කියලා තේරුම් ගන්න අපහසු උනා.පොළොව මම වටේට කැරකෙනවද නැත්නම් මම මේ කැරකවෙනවද කියලා මට හිතා ගන්න බැරි උනා.මගෙ කට ඇතුලේ බුරුසුව එහෙමම රැදිලා තිබුණා.මම අහපු එකම දේ “මොකක්” (What) කියන එක විතරයි.මොකද ඒ දෙය මට අදහා ගන්න බැරි උනා.
ඔහු මට පැහැදිලිව පවසා සිටියා දකුණු අප්‍රිකානු සංචාරය අතරතුරදී එනම් හරියටම කෙන්යාවෙදී අපේ කණ්ඩායමට අනපේක්ෂිත ලෙස අඔඅ සතුව සිටි සුපිරි දඟ පන්දු යවන්නා වන මුෂ්ටාක් අහමඩ් ආබාධයක් නිසා අහිමි වෙලා කියලා.ඉතින් ඔහුගේ එම ස්ථානය වෙනුවෙන් වෙනුවෙන් මම පාකිස්තාන සංචිතයට කැඳවා ඇති බව ඔහු මට පැවසුවා. මුෂ්ටාක් කියන්නේ ඇත්තටම පාකිස්තානයේ විතරක් නෙමෙයි මට හිතෙන විදියට නම් ඒ වෙලාවේ ලෝකයේම හිටපු හොඳම දග පන්දු යවන්නා. ඒක මට පැහැදිලිවම කියන්න පුළුවන්.
ඇත්තටම මම හිතුවා ඔහු මේ මට කරන්නේ විහිලුවක් කියලා.නමුත් ඔහු මට තරයේම පවසා සිටියා වහාම පාකිස්තානයට යාමට සූදානම් වන ලෙස හා ඒකට අවශ්‍ය ලියකියවිලි සූදානම් කර ගන්නා ලෙසට.
ඒ අනුව මම කරපු මුල්ම දේ තමයි මගේ ගෙදරට දුරකථන ඇමතුමක් ලබා දීලා මේ පිළිබඳව ගෙදර අයව දැනුවත් කරපු එක.ඔවුන් කොච්චර සතුටට පත් වුණාද කියන එක මට ඔවුන්ගේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන් වුණා.මටත් ලොකු සතුටක් අභිමානයක් දැනුනා මම ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කලා කියලා.
ඉතාමත් අපහසු නමුත් ඉක්මනින් විය යුතු සංචාරකට මම සූදානම් වුණා.
ඒ අනුව බාර්බඩෝස් සිට ගයානා වෙතත්, එතනින් ලන්ඩන් නුවරටත් අනතුරුව ලන්ඩන් නුවර ඉඳන් ඩුබායි වලටත් , ඩුබායි වල ඉඳන් කරච්චි වලට මම ළඟා වුණා.
ඉතාමත් කෙටි වේලාවක් මගේ පවුලේ සාමාජිකයන් සමගින් ගත කරපු මම නැවතත් නයිරෝබි නුවර බලා පිටත්වීමට කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙතට ගියා.
කරච්චි වල ඉඳන් ඩුබායි වෙතට ගියපු මම එතනින් නයිරෝබි නුවර තෙක් ගමන් කලා.ඇත්තටම මට හරි මහන්සියි.නමුත් මම කිසිම නින්දක් නොලබා ගමන් කළා. නින්දක් නොලැබුවා නෙමෙයි නින්ද ගියේ නෑ මට.මට විවිධ දේවල් කල්පනා වුණා.
කණ්ඩායමේ සගයන් කොහොම වේවිද, වසීම් අක්‍රම් ගැන අහල තිබුණ තරම්ම ඔහු උස කෙනෙක්ද, වකාර් යුනිස් කොච්චර ශක්තිමත් කෙනෙක්ද, ඉන්සමාම් කොච්චර විශාල කෙනෙක්ද, ඔවුන් මාව නවකයෙක් විදියට හොඳින් පිළිගනීවිද, මේ වගේ නොයෙක් ප්‍රශ්න ගොඩක් මගේ ඔලුවෙ ඒ වෙලාවේ වැඩ කළා.
මම නයිරෝබි නුවර ළඟා වන විට මම ගොඩක මහන්සියෙන් හිටියේ.මොකද දීර්ඝ ගුවන් සංචාරයක් සිදු කිරීමත් ඒ කාලය පුරාවටම නින්දක් නොළබාම හිටපු නිසාත් මගෙ ඔලුවෙ ප්‍රශන් ගොඩක් තිබ්බ නිසාත් මහන්සිය දෙගුණ තෙගුණ උනා.මට කෙන්යාවෙදී හම්බවුණ පළමු පාකිස්තාන ක්‍රීඩකයා තමයි අමීර් සොහෙල්.ඒ ක්‍රීඩකයන් නවාතැන් ගෙන හිටපු හෝටලයේ ආලින්දයේදී. ඔහු තමයි මගේ මුල්ම සගයා බවට පත්වුනේ. අනතුරුව මට ඒ වෙලාවේ කණ්ඩායමේ හිටපු තරුණ ක්‍රීඩකයෙක් වුන සක්ලෙන් මුෂ්ටාක් මුණගැහුණා. අපි දෙන්න ඉතාමත් හොඳ මිතුරන් බවට එදා ඉඳන්ම පත් වුණා.
අනතුරුව තමයි වටිනාම ක්‍රීඩකයා නැත්නම් කණ්ඩායමේ නායකයා වුන වසීම් බායි( වසීම් අක්‍රම්) මුණගැහීමට තිබුණේ. අදටත් මට ඒ පළමු හමුවීම ගැන තියෙන්නේ ගොඩක් ධනාත්මක හැඟීමක්. ඔහු හිතා ගන්න බැරි පුද්ගලයෙක් වුණා. ඔහු විශිෂ්ඨ නායකයෙක්. ඔවුන් සමග මම ගත කරපු පළවෙනි දිනයේදීම ඔවුන් මට කියලා දුන්නා කොහොමද විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වන්නේ කියන දේ.විශේෂෙන්ම ක්‍රීඩාවේදීත් ඉන් පිටතදීත්.
විශේෂයෙන්ම ඒ මොහොතේ කණ්ඩායමට ජේෂ්ඨ ක්‍රීඩකයෙක් උන මොයින් ඛාන් මගේ ක්‍රිකට් ජීවිතයේ වීරයෙකු බවට එදිනම පත්වුණා.ඔහු තමයි මට කණ්ඩායමෙන් ලැබිච්ච විශ්වාසදායකම මිතුරා නැත්නම් මගේ සොහොයුරා.
ඇත්තටම කණ්ඩායමේ හිටපු සියලුම දෙනා මාව ඉතාමත් උණුසුම් ආකාරයෙන් පිළිගත්තා.විශේෂයෙන්ම ජේෂ්ඨ ක්‍රීඩකයන් වසීම් අක්‍රම් , මොයින් ඛාන් රමීස් රාජා ඒ අතරින් විශේෂයි. ඉන් අනතුරුව මම මගේ පළමු පුහුණු සැසියට යාමට සූදානම් වුණා.
එහෙනම් මේ ආරම්භක කතාව අදට ඉවරයි .මීළග කතාවෙන් පුහුණු දැල තුළදී වසීම් අක්‍රම් හා වකාර් යුනිස්ට අඩ අඳුරේ අෆ්‍රිඩි එල්ල කල දරුණු ප්‍රහාරය පිළිබඳව වකාර් හා වසීම්ගේ මතකය බලාපොරොත්තු වන්න..
– චානක මධුසාගර–
[/vc_column][/vc_row]