ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ පළමු ජය ලබයි

[vc_row][vc_column][vc_column_text]සුපිරි 12 කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය පැවැත්වුණේ හෝබාර්ට් හිදී. කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඔවුන්ගේ ඉනිම ආරම්භ කළේ පෝල් ස්ටර්ලිං සහ නායක ඇන්ඩ් බැල්බරීන්. ස්ටර්ලිං ලකුණු 34 යි.අද වැඩිම ලකුණු ලාභියා වෙමින් හෙන්රි ටෙකර් ලකුණු 42 යි. අයර්ලන්තය පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 දැවී ලකුණු 128ක් රැස් කලා. පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ සහ වනිදු හසරංග කඩුලු කඩුළු 2 බැගින් ලබාගත්තා.

තර්කය ජය ගැනීමේ ලකුණු 129 ක ඉලක්කයක් සමඟ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 63ක් වන විට ධනංජය ද සිල්වා ලකුණු 31 කට දැවී ගියා.කුසල් මෙන්ඩිස් අද වාර්තා කළේ තම ටෙස්ට් 20/20 දිවියේ 10 වැනි අර්ධ ශතකය. ඔහු මෙවර තරගාවලියේ අඛණ්ඩව ලබා ලබාගත් දෙවැනි අර්ධ ශතකය මෙයයි. ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පන්දු වාර 15 අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 133ක් රැස් කරමින්.කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68 යි.චරිත් අසලංක නොදැවී ලකුණු 31ක් කළා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top