[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලිය මෙම මස 30 වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලිය පාකිස්තානය හා ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වීමට නියමිත ආරම්භක තරගය අගෝස්තු මස 30වනදා පාකිස්තානයේදී පැවැත්වෙනු ඇත.
පාකිස්තානයේ හිටපු නායකයෙකු මෙන්ම වේග පන්දු යවන්නෙකු වූ වසීම් අක්රම් ඉරිදා ප්‍රකාශ කළේ එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය, එක්දින ලෝක කුසලානයට පෙර උපමහාද්වීපික පන්දු යවන්නන්ගේ සූදානම පරීක්ෂා කිරීමට කදිම අවස්ථාවක් වනු ඇති බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය පහසුවෙන් තැකිය නොහැකි බවද ඔහු සදහන් කොට ඇත
. ” පසුගිය වතාවේ අපි ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් තරගයක් ගැන අනාවැකි පළ කර තිබුණත් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගත්තා. කණ්ඩායම් තුනම භයානකයි. ඕනෑම කෙනෙකුට ඒ දවසේදී ජයග්‍රහණය කරන්න පුලුවන් ” ” පසුගිය වර ශ්‍රී ලංකාව ශූරතාව දිනූ නමුත් ඉන්දියාවට අවසන් මහා තරගයට පිවිසීමට පවා නොහැකි වුණා. ඉන්දියාව හා පකිස්තානය අතර තරගය ඉතා වැදගත්,ඒ වගේම ශ්‍රී ලංකාව හෝ බංග්ලාදේශය අවතක්සේරුවට ලක් කළ නොහැකියි ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.[/vc_column_text][/vc_column][/vc_row]