[vc_row][vc_column][vc_column_text]ඉන්දියාවත් ශ්රී ලංකාවත් පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලියේ සහ T20 තරඟාවලියේ තරඟාවලි කාලසටහන ඊයේ දිනයේදී ප්රකාශයට පත්වුණා. නමුත් ඊයේ දිනයේදී තරඟ පැවැත්වෙන ක්රීඩාංගණ පිළිබඳ අනාවරණ කිරීමක් සිදුවුණේ නැහැ.
නමුත් අද දිනයේදී Sports Star වෙබ් අඩවිය වාර්තා කළේ තරඟාවලි ද්විත්වයේම සියලු තරඟ, එනම් එක්දින තරඟ 3 සහ T20 තරඟ 3 ඛෙත්තාරාම ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවයි. ඔවුන් සමඟ සිදුකළ සාකච්ඡාවකදී ශ්රී ලංකා ක්රිකට් පරිපාලන කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ඩි සිල්වා මහතා ඒ බව සඳහන් කර බවයි එම වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
එමෙන්ම මහාචාර්ය අර්ජුන ඩි සිල්වා මහතා Sports Star වෙබ් අඩවියට පවසා තිබුණේ ඉන්දීය කණ්ඩායම ජුලි මස 05 වන දින මෙරරට පැමිණීමට නියමිත බවත්, ඔවුන් රජයේ නීති රීති සහ රෙගුලාසි දින 7ක අනිවාර්ය නිරෝධානයනකට ලක්විය යුතු බවත්ය.
සමස්ථ තරඟාවලියම ජෛව ආරක්ෂක බුබුලක් තුළ ක්රියාත්මක වන බවත්, ප්රේක්ෂකයින්ට තරඟාවලිය නැරඹීමට ඉඩ නොලැබෙන බවත් ඒ මහතා තවදුරටත් අනාවරණ කර තිබෙනවා.
Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]