ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ ටෙස්ට් තරග සංචාරයට දින නියම වේ.

[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් පැනවූ තරග තහනමෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමවරට ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් සූදානම් වෙමින් සිටී. ඒ ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියටය.

තරඟාවලියේ ප්‍රථම තරගය මේ මස 19 වනදා ආරම්භ වීමට නියමිත අතර දෙවන ටෙස්ට් තරගය මේ මස 27 වන දා සිට 31 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. තරග දෙකම හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත.

සිම්බාබ්වේ නව ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස පත්වූ ශෝන් විලියම්ස් යටතේ සිම්බාබ්වේ ක්‍රීඩා කරන ප්‍රථම ටෙස්ට් තරගාවලිද මෙම තරගාවලිය වේ.

ප්‍රථම ටෙස්ට් තරගය – ජනවාරි 19 -23 හරාරේ ක්‍රීඩාංගණය

දෙවන ටෙස්ට් තරගය – ජනවාරි 27 – 31 හරාරේ ක්‍රීඩාංගණය[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top