ශ්‍රී ලංකා කණ්ඩායම වසර දෙකකට පසුව ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණයක් සමඟ අවසන් මහා තරගයට..

[vc_row][vc_column][vc_column_text]අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණා. එම තරගය නිමාවට පත්වූයේ ගෝල 2-1 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායට ජය හිමි කරදෙමින්.

මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට පෙරමුණ ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.තරගයේ මුල සිටම ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට වසීම් රසීක් සමත් වුණා. ඒ තරගයේ 25 වන විනාඩියේදී. තරගයේ මුල් අර්ධයවන විට ඉදිරිපෙළ ක්‍ර්‍රීඩක කවිඳූ ඉෂාන් පාදයේ අබාධයකට ලක් වූ අතර ඔහු වෙනුවෙන් ආදේශ කෙරුණු ඩිලන් ද සිල්වා ද විනාඩි කිහිපයකට පසු පිටියෙන් ඉවත් වූයේ පාදයේ අබාධයකට ලක් වීම නිසාය.

තරගයේ 32වන විනාඩියේදී ආරක්ෂක ක්‍රීඩක ඩක්සන් පුස්ලස් ගෝලයක් වළක්වා ගැනීමට උත්සහයක යෙදුණු අවස්ථාවේ පන්දුව අතේ වැදුණු බවට විනිසුරු තීරණය කොට පුස්ලස් හට රතු කාඩ්පතක් ලබා දීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුණේ ක්‍රීඩකයන් 10 දෙනෙක් සමඟයි. එම අවස්ථාවේ බංග්ලාදේශය ට හිමි වූ දඬුවම් පහර අසාර්ථක වීම විශේෂත්වයක්.

තරගයේ 71 වන විනාඩියේදී බංග්ලාදේශයේ ජුවෙල් රානා තම කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.

කෙසේ නමුත් තරගයේ 89 වන විනාඩියේදී හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට වසීම් රසීක් සමත් වීමත් සමඟ ගෝල 2-1 ලෙස තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top