ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉදිරි වසර දෙකක කාලය නිළ වශයෙන් මිකී ආතර් යටතට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමට අඩුවක්ව පැවති ප්‍රධාන පුහුණුකාර ධූරය ඇතුළු පුහුණුකාර මණ්ඩලය නිළ වශයෙන් ඉදිරි දින කිහිපය තුළදී වැඩ භාරගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මෙම ගිවිසුම් වසර දෙකක කාලයක් සඳහා බල පැවැත්වෙන බවය.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් මහතා පත්කොට ඇති අතර ඔහු පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස කලක් කටයුතු කළ අයකු වනවා.

එසේම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු සිම්බාබ්වේ ක්‍රීඩක හා පාකිස්තානයේ පිතිකරණ පුහුණුකරු ලෙස ක්‍රියා කළ ග්‍රාන්ට් ෆ්ලවර් පත්කොට ඇති අතර ඔහු හා මිකී ආතර් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මෙම පත්කිරීමෙහි වටිනාකම තවත් ඉහළ යාමට හේතුවක් වනවා.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පසුගිය වසර දහය පුරාවටම ඕස්ට්‍රේලියාවේ හා එංගලන්තයේ ප්‍රධාන වේගපන්දු පුහුණුකරු ලෙස ක්‍රියා කළ ඩේවිඩ් සකාර් පත්කොට ඇති අතර ඔහු අවසන් වරට ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියා කරනු ලැබුවා

එසේ ම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ඉහළින්ම නිර්දේශ කළ ශේන් මැක්ඩර්මත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිත බව ඈශ්ලි ද සිල්වා මහතා අනාවරණය කර සිටිනවා.

මෙම පිරිස නුදුරු දිනයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එක්වීමට නියමිත බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

චානක මධුසාගර[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top