Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පන්දු 8000 ක් පාසල් ක්‍රිකට්වලට පිරිනමයි

[vc_row][vc_column][vc_column_text]නාගරික ප්‍රදේශ වල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන පාසල් වලට අතදීමක් වශයෙන් වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන සියළුම කාණ්ඩ වල පාසල් සඳහා ක්‍රිකට් සැලකිය යුතු ආයෝජනයක් හෙවත් පන්දු 8133 ක බෙදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේද සහාය ඇතිව මෙම පන්දු බෙදාදීම ඉකුත් 17 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිදුකෙරිණ. අදියර 2 ක් යටතේ සිදුකෙරුණු මෙම පන්දු ප්‍රදානයේ දෙවැනි අදියර හෙවත් තෙවැනි කාණ්ඩය යටතේ ක්‍රීඩා කරනු ලබන පාසල් 186 ක් වෙනුවෙන් පන්දු 4776 ක්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ, දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපති කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙන ලදී.

තෙවැනි පෙළ කාණ්ඩයේ පළමු කොටස නියෝජනය කරනු ලබන පාසලක් සඳහා පන්දු 36 බැගින්ද එම කාණ්ඩයේ දෙවැනි කොටස නියෝජනය කරනු ලබන පාසලක් වෙනුවෙන් පන්දු 20 බැගින්ද වන පරිදි අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 188 ක ක්‍රීඩා භාර ආචාර්යවරුන්, පුහුණුකරුවන් සහ කණ්ඩායම් නායකයින් වෙත මෙම පන්දු පිරිනමන ලදී.

මෙහි පළමු අදියර හෙවත් පළමු කාණ්ඩය නියෝජනය කරනු ලබන පාසල් 37 ට සහ දෙවැනි කාණ්ඩය නියෝජනය කරනු ලබන පාසල් 34 ට බෙදා දීම මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නාලන්දා විදුහල් පරිශ්‍රයේදී සිදුකෙරිණ. එහිදී පළමු සහ දෙවැනි කාණ්ඩය නියෝජනය කරනු ලබන පාසලකට පන්දු 45 බැගින් කාණ්ඩ දෙක නියෝජනය කරනු ලබන පාසල් 71 කට පන්දු 31295 ක් පිරිනැමිණ. මීට අමතරව අවුරුදු 19 න් පහළ සෑම කාණ්ඩයකම දෙවැනි වටයේ සිට අවසන් මහ තරගය දක්වා අවශ්‍ය සියළුම පන්දු ඉදිරියේදී ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top