ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාවට පමණක් නොවෙයි රටේ සෑම අංශයකටම ආදර්ශයක් වී තිබෙනවා

[vc_row][vc_column][vc_column_text]අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 2 ක මුදල මෙරට සෞඛ්‍ය පද්ධතිය වෙත නිළ වශයෙන් පරිත්‍යාග කිරීම හා පොදු රාජ්‍ය මණඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් මිලියන 22.5 ක මුදලක් ද, ජාතික ක්‍රීඩා අරමුදල ට රුපියල් මිලියන 100 ක මුදලක් ද  ලබා දීම අද (07) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එහිදී අමාත්‍යවරයා මෙසේ පැවසීය

ක්‍රිකට් ක්‍රීඩාව තුළ 1996 ලෝක කුසළානය මෙන්ම 2014 පන්දුවාර 20 ලෝක කුසළානය ජයග්‍රහණය ලබා ගත් අපි ලොකු පසුබෑමකට ලක් වූවා. අපේ බලාපොරොත්තු බොද වූ යුගයක් අපි පසු කළා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළසුම්ගතව ක්‍රිකට් ක්‍රීඩාවට නැවත ජීවය ලබා දී ජයග්‍රාහී මාවතට ගෙන ආවා. ලංකා ප්‍රිමියර් ලීග් තරඟ මාලාව සාර්ථකව පැවැත්වූවා. අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩොලර් මිලියන ගණනක ආදායමක් සහිත ආයතනයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ රටේ සෑම ක්‍රීඩා සංගමයකටම ආදර්ශයක් ලබා දී තිබෙනවා. ඒ ආදර්ශය තවත් වර්ණවත් කර තිබෙනවා. සෞඛ්‍ය අංශයේ රිජ්වේ ආර්යා ළමා රෝහලටත්, මහරගම අපේක්ෂා රෝහලටත් ඇමරිකන් ඩොලර් මිලියන 02 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 718 ක්) පරිත්‍යාග කළා.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන 22.5 ක මුදලක් ලබා දී තිබෙනවා. එය ලොකු ශක්තියක්. මම ක්‍රීඩා සංගම් සදහා පසුගිය සාකච්ඡාවලදී පැවසූවේ ඩොලර් මිලියන ගණන් ආදායම් ලැබිය නොහැකියි. නමුත් යම් තැනකින් ආරම්භ කර ස්ව උත්සාහයෙන් නැගී සිටිය හැකියි.

ඊට අමතරව අපේ ක්‍රීඩා අරමුදල සඳහා ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැකබලා ගැනීමට රුපියල් මිලියන 100 ක් පරිත්‍යාග කළා. මේ අරමුදල හරහා යුපුන් අබේකෝන් වගේ මහත්වරු තව තව මේ රටින් බිහි කරන්න අපිට හැකියාව ලැබෙයි. සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාවට පස්සේ අපිට නැවත හොද අවස්ථාවක් උදා වී තිබෙනවා ඔලිම්පික් පදක්කමක බලාපොරොත්තුවක් තියාගන්න.

ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්පත් කර දුන් යුපුන් අඹේකෝන් සොහොයුරාට වසරකට ඇමරිකානු ඩොලර් 50,000 බැගින් වසර දෙකක් සඳහා ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වූ බව නිළ වශයෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාවට පමණක් නොවෙයි රටේ සෑම අංශයකටම ආදර්ශයක් වී තිබෙනවා ස්ව උත්සාහයෙන් නැගී සිටින්නේ කෙසේද, අන්‍යන්ට සහයෝගය දක්වන්නේ කෙසේද යනුවෙන්. ඔබ අද කළ උතුම් මෙහෙයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම දෙනාට මෙහිදී ස්තූතිය පුද කරනවා.

මෙම අවස්තාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිළධාරී ඇෂ්ලී ද සිල්වා, උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද යන මහත්වරුන් සහභාගී වූහ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top