ශ්‍රී ලංකා ක්‍රිකට් නිල පානීය ජල සහකරුවෝ බවට ‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ එකතුවෙති

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශීය සිසිල් බීම සහකරු ලෙසින් කටයුතු කරන මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම එම සහයෝගීතාවය තව දුරටත් ශක්තිමත් කරමින් ‘නිල බෝතල් කළ පානීය ජල සැපයුම්කරුවා’ ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.

මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම යටතේ පවතින බෝතල් කළ පානීය ජල සැපයුම් සන්නාම 2 ක් වන ‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර වූ ගිවිසුම් අත්සන් කිරීම හා හුවමාරු කර ගැනීම අද (සැප්තැම්බර් 24 දා) සවස් යාමයේදී කොළඹදී සිදුවිය. ඒ අනුව ‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ බෝතල් කළ පානීය ජලය, ඉදිරි වසර 3 ක කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල බෝතල් කළ පානීය ජල සැපයුම් සහකරු ලෙසින් කටයුතු කරනු ඇත.

“නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳව මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගමට අපි බෙහෙවින් ස්තූතිවන්ත වන අතර ඔවුන් අප සමග ඇති කර ගත් මෙම හවුල්කාරීත්වයෙන් උපරිම වටිනාකමක් අත්කර ගැනීමට හැකියාව ලැබෙයි” යැයි ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇතිකරගෙන තිබෙන මෙම ගිවිසුම යටතේ ඉදිරි වසර 3 ක කාලය ඇතුළත මෙරටදී සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලිවල නිල බෝතල් කළ පානීය ජලය සැපයුම්කරුවා ලෙසින් ද මයිකෝලා පුද්ගලික සමාගමේ ‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ සන්නාම කටයුතු කරන අතර සෑම ක්‍රීඩාංගණයක් තුළම බෝතල් කළ පානීය ජලය විකිණීමේ සහ බෙදා හැරීමේ වරළත් අයිතීන් හිමිවනු ඇත.

මෙම හවුල්කාරීත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙරටදී සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලිවල නිල පානීය ජල සැපයුම්කරුවා ලෙසින් ‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ බෝතල් සන්නාම කටයුතු කරනු ලබන අතර එහිදී තරග නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට බෝතල් කළ පානීය ජලය බෙදා හැරීමේ සහ විකිණීමේ වරළත් අයිතිය මයිකෝලා බෙවරේජස් සමාගමට හිමිවනු ඇත.
ඊට ප්‍රතිචාර වශයෙන් මයිකෝලා බේවරේජස් පුද්ගලික සමාගම සියළුම ජාත්‍යන්තර තරග වලදී ක්‍රීඩකයින්, නිලධාරීන්, ආරාධිත අමුත්තන් සහ ප්‍රභූවරුන්, තරගාවලි ආවරණය කරන මාධ්‍යවේදීන්ට සහ රූපවාහිනී කාර්යය මණ්ඩලයට අවශ්‍ය බෝතල් කළ පානීය ජලය ලබා දීමට බැඳී සිටිනු ඇත.

“ශ්‍රී ලාංකික ආයතනයක් වශයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල සිසිල් බීම පානීය හවුල්කරුවා වීමට අමතරව නිල බෝතල් කළ පානීය ජල සැපයුම්කරුවා වීමේ අවස්ථාව හිමිවීම අපිට මහත් ගෞරවයක් මෙන්ම වරප්‍රසාදයක්” යැයි මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී ෂාම් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ප්‍රනාන්දු මහතා, “මෙම හවුල්කාරීත්වයත් සමඟ ක්‍රිස්ටල් සහ ලයිෆ් වෙළෙඳ නාම ශ්‍රී ලංකාවේ ජනප්‍රියම බෝතල් කළ ජල වෙළෙඳ නාම බවට පත්වීමට ඉමහත් දායකත්වයක් ලබා දෙනු ලබනවා. ඒ වගේම ජාත්‍යන්තර සන්නාමයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සම්බන්ධවීම හරහා අන්තර්ජාතික වෙළෙඳ පොළට වැඩි ඉඩ කඩක් විවර වනවා සේම ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද දායකත්වයක් ලබා දීමේ අවස්ථාව උදාවනු ඇත” යැයි සඳහන් කර සිටියේය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top