ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දෙදින පුහුණු තරගයක්. – මිකී ආතර්

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවට එරෙහි තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක් වන ක්‍රීඩකයන් විසිදෙදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය මේ දින වලදී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පුහුණු වීම් කටයුතු වල නිරත වේ.

එලඹෙන 22 වනදා දක්වා පැවැත්වෙන පුහුණු සැසියේ පස්වන දිනය වූ අද දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට සිටියේ දින පහක පුහුණුවීම් වලින් පසුව හෙට දිනයේදී ක්‍රීඩකයන්හට විවේකයක් ලබාදෙන බවයි.

එළඹෙන සිකුරාදා දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදින පුහුණු තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත බවද මිකී ආතර් මහතා සිය ට්වීටර් ගිනුමෙහි සටහන් තබා ඇත.

අද දිනයේදී සිය තිස් එක්වන උපන්දිනය සමරන දිනේෂ් චන්දිමාල් හට උපන්දින සුබපැතුම් එක්කරන්නට අමතක නොකළ මිකී ආතර් ආතර් සිය ට්වීටර් ගිනුමෙහි සටහන් කර තිබුනේ චන්දිමාල් අද දිනයේ පුහුණුවීම් වල නිරත වූයේ අවුරුදු 21ක අයෙකු මෙන් බවයි.

උපුටා ගැනීම – Cree Da Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top