ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ග්‍රාන්ට් ලූඩන්ගේ අභියෝගයට මුහුණ දෙයි

[vc_row][vc_column][vc_column_text]කොදෙව් සංචාරයට නම් කළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් අද දිනයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දුන්හ. අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්හට නව භෞතික සාධක කළමනාකරු ග්‍රාන්ට් ලූඩන් ලබාදුන් අභියෝගයටද මුහුණ දීමට සිදුවිය. එම අභියෝගය වූයේ කිලෝමීටර් 2ක දුර ප්‍රමාණය මිනිත්තු 8යි තත්පර 35කදී දිවීමයි.

සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම කිලෝමීටර් 2ක දුර ප්‍රමාණය ඉහත කාල සීමාව තුළ අවසන් කිරීමේ අභියෝගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සාර්ථකව මුහුණ දී ඇත. මෙම අභියෝගයට කොදෙව් සංචාරයට නම්කළ සංචිතයෙහි ක්‍රීඩකයන් 36 දෙනා අතුරින් 32දෙදෙනෙකු සහභාගි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයෙහි සදහන්ය.

අභියෝගයට එක් නොවූ ක්‍රීඩකයන්

කුසල් මෙන්ඩිස් – පෞද්ගලික හේතු
ධනංජය සිල්වා – ආබාධ
අවිශ්ක ප්‍රනාන්දු – ආබාධ
ලහිරු තිරිමාන්න – කොවිඩ් ආසාදනය වීම

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top