[vc_row][vc_column][vc_column_text]සමීර පිරිස් ඔස්ට්‍රේලියාවේ සිට…
ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී මේ වනවිට පැවැත්වෙනවා . ඒ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවන පුහුණු තරගයට සහභාගී වුණේ එංගලන්තයට එරෙහිව. එම තරගය ඇඩිලේඩ්හිදී පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරා. ඒ අනුව එංගලන්තය පන්දු වාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 122 ක් රැස් කළා. එංගලන්ත කාන්තා කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලාබින් වුයේ ටැමි ලකුණු 23 ද, ඒමි ජෝන්ස් ලකුණු 23ද ලබාගත්හ. පන්දු යැවීමේදී දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ ශෂිකලා සිරිවර්ධන ලකුණු 22 කඩුලු 4 ද, සහ නායිකා චමරි අතපත්තු කඩුලු 3 ලකුණු 21ට ලබාගත්හ.
පිලිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩාය ලකුණු 123 ලබා ගැනීම සදහා ආරමිභක පිතිකාරනියන් ලෙස චමරි අතපත්තු සහා හසිනි පෙරේරා පිටියට පැමිණ ඉතා හොද ලකුණු හබායාමක් දියත් කරා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කර ගැනීමට නායිකාව වන චමරි අතපත්තු සමත් වුනු අතර ඇය නොදැවී ලකුණු 78 පන්දු 50 ක් තුල ලබාගත්හ. ඇයට අනගි සහයක් දෙම්න් හසිනි පෙරේරා නොදැවී ලකුණු 29 පන්දු 25 කදී ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කාන්තා පිලි කිසිදු කඩුල්ලක් නොදී ලකුණු 123 පන්දුවාර 12.3 දී ලබාගත්හ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුලික වටේ ප්‍රථම තරගය ලබන 22දෙවැනිදා නවසීලන්තයට එරෙහිව පර්ත් හිදී ආරමිභ වීමට නියමිතයි. ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සියලු චායාරුප සහා තතු ඔබ වෙත ගෙන එමට අපි සැදී පැහැදී සිටී.
[/vc_column_text][/vc_column][/vc_row]