[vc_row][vc_column][vc_gallery type=”flexslider_slide” interval=”3″ images=”29065,29063,29064″][vc_column_text]ලබන වසරේ පෙබරවාරි මස ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන 20-20 තරගාවලියට පෙර පුහුණුවක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් මේ මස 20වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිහිය.
මේ සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග එක්දින තරග තුනකටත් 20-20 තරග තුනකටත් සහභාගිවීමට නියමිතය. 20-20 තරග තුන සිඩ්නි නගරයේත් එක්දින සීමිත ඕවර තරග තුන බ්‍රිස්බේන් නගරයේත් පැවැත්වීමට නියමිතය.
ඕස්ට්‍රේලියාව බලායන කණ්ඩායමට ඇතුළත්වන චමරි අතපත්තු විස්සයි විස්ස නායකත්ව දරන අතර, ශෂිකලා සිරිවර්ධන එක්දින කණ්ඩායමේ නායීකාව ලෙස කටයුතු කරයි. පළපුරුදු ක්රීඩිකාවන්න වන චමරි අතපත්තු, ශෂිකලා සිරිවර්ධන සහා නිලක්ෂා ද සිල්වා ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්රීඩිකාවන්න අතර මොවුන්ගෙන් වැඩි දායකත්වයක් බලාපොරොත්තු වුවත් ලෝක කුසලානය අරමුණු කරගෙන තරුණ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුටම අවස්ථාව ලබාදීමද මේ සංචාරයේදී සිදුවනු ඇතැයි පුහුණුකරු හර්ෂ ද සිල්වා පවසයි.
ඕස්ට්‍රේලියා සංචාරයේ සිඩ්නි හා බ්‍රිස්බේන් තරග කිහිපයකට පෙර ලංකා ක්‍රීඩිකාවන් එහිදී පෙර පුහුණු තරග කිහිපයකට ද සහභාගිවීමට නියමිතය
DATE | MATCH | VENUE |
29th September, 2019 | T20i | North Sydney Oval |
30th September, 2019 | T20i | North Sydney Oval |
02nd October, 2019 | T20i | North Sydney Oval |
05th October, 2019 | ODI | AB Field, Brisbane |
07th October, 2019 | ODI | AB Field, Brisbane |
09th October, 2019 | ODI | AB Field, Brisbane |
[/vc_column_text][/vc_column][/vc_row]