ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් රන් සටනට සැරසේ.

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යටතේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අද ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම සමත්විය. ඒ සත්කාරක නේපාල කාන්තා කණ්ඩායම ලකුණු 41කින් පරාජයට පත්කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පෙරදා තරගයේදී මෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට රිසිසේ පන්දුවට පහරදීමට නේපාල පන්දු යවන්නියන් ඉඩ ලබා නොදුන් අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 7ක් දැවී ළකුණු 118කට සීමාවිය. ශ්‍රී ලංකා නායක හර්ෂිතා මාධවී අද තරගයේදී ලකුණු 16ක්ට දැවීයාම ශ්‍රී ලංකාවට සිදුවූ පාඩුවක් වන අතර සත්‍යා සන්දීපනී ලබාගත් ලකුණු 22 හා ලිහිණි අප්සරා අවසන් මොහොතේදී ලබාගත් වේගවත් ලකුණු 37 හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකිවිය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණ නේපාල පිතිකාරිණියන් හට කිසිදු ඉඩකඩක් ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දුයවන්නියන් නේපාල ක්‍රීඩිකාවන් ලකුණු 77ක ට සීමා කරමින් ලකුණු 41ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත්වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තර්ජනාත්මක පන්දු යැවීමක නිරතවූ සත්‍යා සන්දීපනි සිය පන්දු වාර 4 ලකුණු 5 කට සීමා කරමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්වූවාය. එසේම සචිනි නිසංසලා ළකුණු 16 කට කඩුලු 3ක් බිඳ දමමින් නේපාල ඉනිම අඩපණ කළහ.

මේ අනුව එළඹෙන 8 වනදා බංගලාදේශ වයස අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායම රන් පදක්කම වෙනුවෙන් සටන් වදිනු ඇත.

ශ්‍රී ලංකාව 118 – 7 (20) ළිහිණි අප්සරා 37 , සත්‍යා සංදීපනී 22

නේපාලය 77 – 9 (20) රුබීනා 19 , සචිනි නිසංසලා 3 -16 , සත්‍යා 1 – 5

-චානක මධුසාගර -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top