ශ්‍රී ලංකා – කොදෙව් පළමු එක්දින තරගය එස් එස් සී පිටියේදී

[vc_row][vc_column][vc_column_text]සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එස් එස් සී ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ 2017 වසරින් පසුවයි.

මේ අතර ශ්‍රී ලංකා සහ කොදෙව් කණ්ඩායම් අතර මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය මෙයයි. ඉන් තරග 2 ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන තිබෙනවා. අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව එස් එස් සී ක්‍රීඩාංගණයේදී එක්දින තරගයක් ක්‍රීඩා කලේ 2011 වසරේදී. එම තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තා. මේ අතර කොදෙව් කණ්ඩායම අවසන් වරට මෙරට එක්දින තරගාවලියක් සදහා සහභාගී වී තිබෙන්නේ 2015/16 තරග සමයේදීයි. එම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 ට 0 ක් ලෙස ජය ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අතර මේ දක්වා පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 57 ක්. ඉන් තරග 26 ක් ශ්‍රී ලංකාය ජය ගත් අතර තරග 28 ක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්තා. තරග 3 ක් අවසන් වුණේ තීරණයකින් තොරවයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top