ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI සහ ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම් නම් කරයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම් අතර පැවැත්වෙන තරගය සඳහා වදිනු ලබන කණ්ඩායම් පහත පරිදි වේ.

කොවිඩ්-19 අරමුදලට ආධාර පිණිස පවත්වනු ලබන මෙම තරගය එළැඹෙන මැයි 04 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ප.ව. 7.00 ට ආරම්භ වනු ඇත. පන්දුවාර විස්සයි-20 තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI පිල හිටපු ටෙස්ට් නායක සනත් ජයසූරිය විසින්ද ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමාන විස්සයි-20 නායක දසුන් ශානක විසින්ද මෙහෙයවති.

ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI  ටීම් ශ්‍රී ලංකා
1 සනත් ජයසූරිය (නායක) 1 දසුන් ශානක (නායක)
2 අරවින්ද ද සිල්වා 2 කුසල් පෙරේරා
3 හෂාන් තිලකරත්න (පුහුණුකරු සහ ක්‍රීඩක) 3 අවිෂ්ක ප්‍රනාන්දු
4 ෆර්වීස් මහරූෆ් 4 භානුක රාජපක්ෂ
5 උපුල් චන්දන 5 ඉසුරු උදාන
6 උපුල් තරංග 6 රමේෂ් මෙන්ඩිස්
7 නුවන් කුලසේකර 7 සධීර සමරවික්‍රම
8 තිළිණ තුෂාර 8 තිසර පෙරේරා
9 ධම්මික ප්‍රසාද් 9 පැතුම් නිස්සංක
10 චාමර සිල්වා 10 චාමික කරුණාරත්න
11 මලින්ද වර්ණපුර 11 ලක්ෂාන් සඳකැන්
12 ඉන්දික ද සේරම් 12 රොෂේන් සිල්වා
13 ජෙහාන් මුබාරක් 13 අසිත ප්‍රනාන්දු
14 සමන් ජයන්ත 14 විජයකාන්ත් වියස්කාන්ත්

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top