ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියට දින නියම වෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයකට එක්වීමට නියමිත බව එරට ක්‍රිකට් ආයතනය තහවුරු කොට ඇත. ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් හා ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.

තරගාවලියේ පළමු තරගය සාම්ප්‍රදායික බොක්සිං දිනයට පැවැත්වීමට නියමිත අතර එම තරගය දෙසැම්බර් මස 26වනදා සිට 30වනදා දක්වා සෙන්චූරියන්හිදීද දෙවන ටෙස්ට් තරගය නව වසරේ ජනවාරි මස 3වනදා සිට 7වනදා දක්වා ජොහැන්ස්බර්ග්හිදීද පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියට පෙර එංගලන්ත කණ්ඩායම නොවැම්බර් හා දෙසැම්බර් මාසයේදී සීමිත පන්දුවාර තරගාවලියක් වෙනුවෙන් දකුණු අප්‍රිකානු සංචාරයකට එක්වීමට නියමිත අතර තරගාවලියේ කාලසටහන්ද ප්‍රකාශයට පත් කොට ඇත.

ශ්‍රී ලංකා- දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමද දකුණු අප්‍රිකාවට පැමිණීමට නියමිතය.

කොවිඩ් 19 රෝගී තත්වයන් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග අතරමග නවතා දැමුණු දිනයේ පටන් දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව මේ වන තෙක් කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගි වී නොමැත.

අවසන් වරට පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ දකුණු අප්‍රිකානු බිමේදී ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමු ආසියාතික කණ්ඩායම බවට පත් වෙමිනි.

පළමු තරගය – 2020 දෙසැම්බර් 26 සිට 30 දක්වා – සෙන්චූරියන්හිදී

දෙවන තරගය – 2021 ජනවාරි මස 3 සිට 7 දක්වා – ජොහැන්ස්බර්ග්හිදී

චතුර රාමනායක ( Cree da Sports Network)

2019 තරගවාරයේ අපි ලබාගත් ජයාරූප පහතින්. තව ජයාරූප සදහා පිවිසෙන්න.

https://www.sportsphotography.lk/cricket/sri-lanka-cricket/

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top