[vc_row][vc_column][vc_column_text]
ආසියානු කුසලාන තරගාවලියේ අතිශය තියුණු මුහුණුවරක් ගත් තරගයක් ඊයේ දිනයේ දී නිමාවට පත්වුණා. සුපිරි කණ්ඩායම් හතර වටේ තරගයක් වූ මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වෙද්දී ලකුණු 41ක තියුණු ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය ඉනිමේ සියලු ක්‍රීඩකයින් දවාගනිමින් ලකුණු 214 කට සීමා කිරීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට අවස්ථාවන් 14කදී ප්‍රතිවාදී කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් දවා ගත් ලොව පළමු කණ්ඩායම ලෙසින් ද ඉතිහාසගත වුණා.
එමෙන්ම මෙම තරගයේ දී තරඟයේ දී තවත් සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් සමත් වුණා. ඉන්දීය කණ්ඩායමේ සියළුම පිතිකරුවන් මෙම තරගයේ දී දැවී ගියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේයි. ඒ අනුව ඉන්දීය එක් දින ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු දහයම දඟ පන්දු යවන්නන් විසින් දවාගත් පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා පොත් අතරට එක්වුණා. මින් පෙර 1997 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින්ම එක්දින ඉනිමක් තුළ ඉන්දීය ඉනිමේ කඩුලු 9ක් දවාගැනීමට සමත් වී තිබුණා.
එමෙන්ම සියලු කුසලාන තරගයකදී කඩුලු දහයම දඟ පන්දු යවන්නන් විසින් දවාගත් පළමු අවස්ථාව ලෙසින් ද මෙය වාර්තා පොත් අතරට එක් වුණා. එමෙන්ම ඉන්දීය කණ්ඩායමට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නකු වාර්තා කළ දෙවන හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට දුනිත් වෙල්ලාලගේ සමත් වුණා. ඔහු ඊයේ දිනයේ දී ලකුණු හතලිහකට ප්‍රතිවාදී කඩුලු 5ක් බිඳ හෙලද්දී 2009 වසරේදී ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 20ක් තුළ ඉන්දීය කඩුලු හයක් බිඳහෙලා තිබුණා.[/vc_column_text][/vc_column][/vc_row]